Chapter 07

850 203 6
                                    


After 7 years ,

එදා සිද්ධියෙන් පස්සේ ටේහියුන් හැමෝගෙන්ම ඈත් වුණා .

මේ කොල කෑල්ල ජන්ග්කුක්ගෙ අතට ආපු දවසේ ඉදන් එයා පිස්සෙක් වගේ කරේ ටේහියුන්ව හොයපු එක.

ඒත් අදටත් ටේහියුන් ගැන කිසිම තොරතුරක් නෑ ...






" පුතා .. තාමත් මිස්ටර් ලී - ..... "

" ඇති ඔම්මා ඇති ....

එදා ඒ මිනිහට දුන්නු උත්තරේමයි මට අදත් දෙන්න තියෙන්නේ ...

අවුරුදු හතක් ඔම්මා අවුරුදු හතක්...

එයා කොහෙද එයා මොනවාද කරන්නේ ඒ කිසිම දෙයක් මං දන්නෑ . තාමත් මං බලන් ඉන්නවා. මොකද මට විශ්වාසයි එයා එනවා.........

මගේ ටේටේ එනවා............

එයා එනවා.... එයා එනවා නේද ඔම්මා .... ?




එයාට බෑ ඒ ඇස් මගෙන් හංගන්න ..

එයා එයි කවදාහරිම එයි එයාගෙ කුකීව අරන් යන්න ..

ඉක්මනට එන්න ටේ. මට මහන්සියි... "




මේ අවුරුදු හතේම ජන්ග්කුක්ගෙ තත්ත්වය වුණේ එයයි. හැම රෑකම එයාගෙ දුක පාලුව තනිකම එයා මකා ගත්තේ පෑයූ හද සමගයි.

අද රාත්‍රියත් මෝදු වූ හද නිසා බැබලෙද්දී ඒ හද දිහා හුරුපුරුදු ඇස් දෙකකට අමතරව තවත් නෙත් යුවලක් බලා හිනැහුණා.















" අවුරුදු හතක් .... ?
දෛවය ලොකු සෙල්ලමක ..... ?

එදා ඔයාව දකිද්දී මට මතක් වුණේ හා පැටියෙක් ව.. ඔයා හා පැටියෙක් වගේ කූ.. ඒත් මට ඒක එදා කියන්න බැරි වුණා .

අද මම කෝටිපතියෙක් නොවුණත් අවුරුදු හතක මහන්සියේ ප්‍රතිඵල තමා මේ තියෙන්නේ මිස්ටර් ලී......

ජියොන් පවුලේ නම්බුව සල්ලි නිසා නැතිවෙන්න මේ කිම් ටේහියුන් කවදාවත් ඉඩ තියන්නෑ.... "







ජනෙල් කවුළුවෙන් එබෙමින් හා පැටියෙක් හදට සුසුම් හෙලද්දී ජියොන් මාලිගාවේ ප්‍රධාන දොරටුව අසල නවතා තිබූ නවීන පන්නයේ මෝටර් රථයේ සිටි තරුණයා ශටර් එක අතුරින් හදට බලාපොරොත්තු එක් කරා.








වසා නොතිබූ දොර තුලින් ගෙයි ඇතුලට ආ ඔහු රූපවාහිනිය නරඹමින් සිටි මිස්ටර් ජියොන්ට ආමන්ත්‍රණය කරේ සිනහවක් ද සමගයි.





" පු..... පුතා..... හනීඊඊඊඊඊ....... අනේ එන්නකෝ................

බලන්න කවුද ඇවිත් ඉන්නේ කියලා ......... "



" දෙයියනේ ටේ......... අනේ මගේ කොල්ලා ....

ඔම්මව පේනවද රත්තරන් .....

කූ.......... කුක්....... මෙහෙ එන්නකෝ......... "

" ඔම්මා .... ශ්ශ්ශ්ශ් ......

සමාවෙන්න මෙච්චර කාලයක් හැංගුණු එකට... මට ඔයාලට මූණ දෙන්න හයියක් තිබුණේ නෑ ...

සමාවෙන්න අප්පා.... "

" කමක් නෑ පැටියෝ ........ ඔයා පරිස්සමෙන් ඉන්නවනේ මැණික ...

ඉන්න මං කුකීට කතා කරන්නම් .. "

" නෑ නෑ ඔම්මා ... මං එයා ලගට යන්නම්..

අපි පස්සේ කතා කරමුකෝ... "

















*****************************************

තව එකයි ඉවරයි ..

Blind Love || Taekook ( Oneshot ) ( ✔️ )Where stories live. Discover now