Chapter 05

840 201 27
                                    


කාලය ගෙවිලා ගියා.

අද ටේහියුන් ආයෙත් ඩොක්ටර්ව හම්බෙන දවස .

දෙන්නා එක්කම ඩොක්ටර්ව හම්බෙන්න ගියේ තවත් අලුත් බලාපොරොත්තුවක් එක්කමයි .

" good condition .. "

ටේහියුන්ගෙ ඇස් ආයාසයෙන්ම විවෘත කර බලමින් පරීක්ෂණ කිහිපයකට ඔහුව යොමු කල ඩොක්ටර්ගේ මුවින් පිටවුනු පලමු වචන දෙකයි ඒ.

නමුත් තාමත් ඔවුන් නිහඩයි.

ඔවුන් වෙත මද සිනහවක් පෑ වෛද්‍යවරයා තම පැහැදිලි කිරීම ආරම්භ කරා.

" මිස්ටර් ජන්ග්කුක් ...

ඔයාලගේ අවුරුදු ගාණක උත්සහය අපතේ ගිහින් නෑ .
හැබැයි අපි තව ටික කාලයක් එයාටම දෙමු.

ඒ කාලය හෙට .. අනිද්දා .. තව මාසයක් අවුරුද්දක් .. අවුරුදු තුනක් වෙන්නත් පුලුවන් ..

මේ කාලය හරිම තීරණාත්මකයි.

ලොකුම වගකීම තියෙන්නේ ටේහියුන් ඔයාට .
උත්සහ කරන්න ..
කොයිම වෙලේවත් බෑ කියලා හිතන්න එපා පුතා....

මනසින් ශක්තිමත් වෙන්න .... "

Tae's pov

මට සතුටුයි ..

මගේ කුකීගේ මහන්සිය තමා මේ..
මට මගේ කුකීව ඉක්මනට බලා ගන්න පුලුවන් .

ඊට පස්සේ තවත් මං එයාට බරක් වෙන්නෑ.

මං කොලේජ් ගමන ඉවර කරලා රස්සාවක් හොයාගෙන මගේ කුකීගේ පවුල මං හොදට බලා ගන්නවා. එයාලට ආදරේ දෙනවා...

කුකීගේ පවුල දැන් මගෙත් පවුල වෙලා .

ඒත් හැමදාම මට ඒ පවුලට බරක් වෙන්න බෑනේ..


ඩොක්ටර්ගේ උපදෙස් ගොන්නකින් පස්සේ අපි එළියට එද්දී ටිකක් රෑ වෙලා .

අපිට ඩොක්ටර්ව හම්බෙන්න වැටිලා තිබ්බේ හවස හතරෙන් පස්සේ නිසා වෙලාව යනවා දැනුන් නෑ .

එදා රෑ අපි ගියේ හන් ගග ගාව තිබ්බ පොඩි පාර්ක් එකකට.

ඇස් පේන් නැති මගේ ඇගේ දැවටි දැවටී මගේ කුකී මාවත් එකේක සෙල්ලම් වලට දම දම සතුටු වුණා .

කොහොමහරි එදා දවසත් ගෙවලා අපි සතුටින් ගෙදර ආවා.





Time passed ....










අදට මං ඩොක්ටර් හම්බෙලා මාස තුනක් වෙනවා.

අද කොලේජ් එකේ නිවාඩු දවසක් නිසා මං හිටියේ හොදට නිදාගෙන .

වටපිටාවෙන් ඇහෙන කිචි බිචිය නිදාගෙන හිටපු මාව අවධි කරත් මං තාමත් ඇස් පියන් බලන් හිටියේ ඒ සුපුරුදු දුරකතන ඇමතුම වෙනුවෙන් .

විනාඩියක් දෙකක් ඊටත් වැඩි කාලයක් මං බලන් හිටියා .

ඒත් අද ඒ ඇමතුම ප්‍රමාදයි............

ඒත් ඇයි ඒ ...... ?

මගේ හිත අමුතු බියකින් හොල්මන් කරන්න ගත්තා .

එහෙමම ඇස් ඇරපු මම නැවත ඇස් පියාගත්තේ හිරු එළියට මගේ ඇස් අවනත කරගන්නට කාලයක් අවැසි නිසා . මං හෙමින් හෙමින් ඇස් ඇරලා ඇදෙන් බිමට පැන්නත් ඒ එක්කම මගේ ඇස් පුදුමයෙන් විශාල වුණේ මට යම් දෙයක් මතක් වුණු නිසයි.


" දෙයියනේ ..... මේ ඇස්...... මේ මේ මම ද..... අර.. අර ඉර...
ඒ ඒ කියන්නේ .. තවත් මං අන්ධයෙක් නෙමෙයි ද ?

කුකී..... මගේ මැණික ...

ඔයා කිව්වා හරි රත්තරන් ..

මං ඔයාව බලන්න එනවා මගේ පණ...

අජුම්මා .......... අජුම්මා ................. "
















*****************************************

සැක් බොලදයි අප්පා.

මට short story හරි යන්නැතෝ..

සමාවෙන්න

Blind Love || Taekook ( Oneshot ) ( ✔️ )Where stories live. Discover now