Chapter 01

1K 210 14
                                    


" ආආආ.... අනේ එපා ... මට කරදර කරන්න එපාආආආ...... මට යන්න දෙන්න... "

" හූහූ... මේන් උබේ කෝට්ට.. පුලුවන්නම් හොයාගනිං..
ඔහෙ නෙමේ මෙහේ... හූහූ...
ආ..ආ.. අර ගනිං.. "

" අනේ කරුණාකරලා මට ඒක දෙන්න... "

සෝල් නගරයේ ප්‍රසිද්ධ කොලේජ් එකක කොරිඩෝවක පැවති මේ වෙද්දී තත්ත්වයි ඒ. කොරිඩෝවේ කෙලවර පිහිටි මියුසික් රූම් එක වෙත ගමන් කරමින් සිටි ඔහුට වෙනදා මෙන්ම අදත් තම සුපුරුදු සිදුවීම් මාලාවට මුහුණ පෑමට සිදුවුණා . හතර වටින් වට වුණු සිසු සිසුවියන්ගේ නොයෙකුත් තාඩන පීඩන මැද ගෙවෙන මේ දිවිය ඔහුට දැන් නුපුරුදු දෙයක් නෙමෙයි .

ඒත් ඔහුත් මනුස්සයෙක් ....

" නවත්තගන්නවලා ඕක........
ටේටේ... ඔයාට කරදරයක් නෑ නේද ...... බය වෙන්න එපා.. මං ආවා...

ඕක දෙනවා මෙහාට .. "

Tae's pov

ඕඕ.... ඒ කටහඬ ..

මං දැනන් හිටියා මගේ වීරයා කොයි වෙලේ හරි එයි කියලා . අදත් එයා ආවා.

මුළු කොලේජ් එකේම මං වෙනුවෙන් හිටපු මං වෙනුවෙන් කතා කරපු කෙනෙක් හිටියනම් ඒ තමයි මගේ කූ.....

මං ගාවට වෙලා මගේ පපුවට තුරුලු වෙලා හුරතල් වෙන මගේ කුකී අනික් අය ඉස්සරහා නම් හැසිරෙන්නේ හරියට devil කෙනෙක් වගේ .

කුකී මට කියලා තියෙන විදියට නම් මේ කොලේජ් එක අයිති එයාගෙ අප්පට. කුකීගේ ඔම්මයි අප්පයි හරිම කරුණාවන්තයි. කුකී සමහර දවස් වලට එයාලවත් අඩ ගහගෙන මගේ බෝඩිම් කාමරේට එනවා.

මම කිම් ටේහියුන් . පොඩි කාලේ සිද්ධ වුණු ඇක්සිඩන්ට් එකක් නිසා මගේ පෙනීම නැති වුණා . ඒකේ ප්‍රතිඵලය වුණේ මං අන්ධයෙක් වුණු එක.

ඒත් මං සදාකාලික අන්ධයෙක් නොවෙන්න තිබ්බා මට හරි හැටි සල්ලියක් තිබ්බනම්...

ඒත් දෛවය සමහර දේවල් ගැට ගහන්නේ හරි අමුතු විදියට ....

Pov end















*****************************************

මං කිව්වනේ මේක මගේ අතින් ලියවෙන්නේ ඇයි කියන්න වත් මං දන්නෑ . ඒත් මං ලියනවා. ගොඩාක් නෑ . Short epi අටක් වගේ තියෙන්නේ .

luvgukv_123

Blind Love || Taekook ( Oneshot ) ( ✔️ )Where stories live. Discover now