බ්ලැක් ඊගල්ස්

Start from the beginning
                                    

අවුරුද්දක් තිස්සෙ හිත අස්සෙ හංගන් වද වෙච්ච ප්‍රශ්නෙ අන්තිමට මං එළියට දැම්මම ටේ හ්‍යොං හැඟීමක් නැති හිස් ඇස්වලින් මං දිහාම බලාගෙන ඉදලා ලොකු හුස්මක් හරි බරට පහලට හෙලුවා..

"අප්පා එපා කිව්ව නිසා ඔයාව අත අරිනවනම් එයා මීට කලින් ඔයාව අතාරින්නෙ කුකී.. ජිමින් කියන්නෙ කවුරුත් ගැන වදවෙන මනුස්සයෙක් නෙවෙයි. එයාට ඕනෙනම් දෙයක් කොහොමහරි ගන්නවා.."

එයාට ඕනෙනම් දෙයක් කොහොමහරි ගන්නවා?? ඒ කියන්නෙ එයාට මාව එපාද? ඒකද මෙච්චර අඬද්දිත් හැඟීම් නැති මනුස්සයෙක් වගේ මාව දාලා යන්න ගියේ?

ඔඩොක්කුවෙ තිබුනු හොබීගෙ අත තදට මිරිකගන්න ගමන් මං පපුව හිස් කරගන්න හරි තදින් හීල්ලුවා.. ඒත් ඒකෙන් වැඩක් උනේ නෑ.. එයා ගැන කතා කරන්න ගත්තු වෙලාවෙ ඉදන් මහ වේදනාවක් එක්ක පපුව හිර කරන්න පටන් අරගෙනයි තිබුනෙ..

"අපි.. අපි කවදාවත් ආදරේ කරලා නෑ හ්‍යොං.. ජිමින් හ්‍යොං මට ආදරෙයි කිව්ව හැමවෙලාවෙම එයා බීලා හිටියෙ. ඒ එක දවසකවත් එයා සිහියෙන් හිටියෙ නෑ.. එයා දවසක් කිව්වා එයා බිව්වම කියන කරන දේවල් ගනන් ගන්න එපා කියලා.. ඒත් මං එයා කියන දේ ඇහුවෙ නෑ.. මට හැමදාම ඕනෙ උනේ එයාගෙ ආදරේ.. ඒ නපුරු පපුවට තුරුල් වෙලා ඒ ආදරේ විදින්න විතරමයි මට ඕනෙ උනේ.. ඒත් අන්තිමට ආදරෙයි කියද්දි එයා හොද සිහියෙන් හිටියනෙ.. මං බලාපොරොත්තු තියාගන්නවා කියලා දැන දැන ඇයි එයා එහෙම කලේ..."

"අ...ශ් ඕක නවත්තනවා ජොන් ජන්කුක්.."

එකපාරම ටේ හ්‍යොං කොණ්ඩෙන් ඇදගන්න ගමන් මහ සද්දෙන් කෑගැහුවා.. ඒ කම්මුල් පොගවගෙන කඳුළු පාරවල් වේගෙන් වේගෙන් ගලාගෙන ගියා..

"දෙයියන්ගෙ නාමෙට ජිමින්ට බනින එක නවත්තනවා.."

ටේ හ්‍යොංගෙ කඳුළු දැක්කම මහා බයකින් මාව වෙව්ලලා ගියා.. හොබීගෙ ජැකට් එකේ කොනක් හරි තදින් මිට මොලවගෙන බරට හුස්ම පාරවල් දෙක තුනක්ම උඩට ඇද ගත්තත් මට හොඳක් දැනුනෙ නෑ..

"ම..මං එයාට බැන්නෙ නෑ.. මට එයාට බනින්න බෑ.. මං තාමත් එයාට ආදරෙයිනෙ මං කොහොමද එයාට බනින්නෙ.."

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now