Chapter 27 🌧️⛈️

55 18 5
                                    

Mingi - : හරි හරි කලබල නොවී ඉදපං..... මම මේ දැන් ගාඩ් ලා දෙන්නෙක්ව දාන්නම්.... කලබල නොවී ඉදපං මිනිහෝ මුලින්ම.......

Joon - : මගෙ යාරා ට මුකුත් වෙන්න බෑ මින්ගි.....

Mingi - : පොඩ්ඩක් ඉන්න මම මේ දැන් මග.... එන ගමන් ඉන්නෙ.....

මින්ගි නිසා හිතට චූටි සැහැල්ලුවක් දැනුනත් ජීහෝ කියන්නෙ මොන ජාතියෙ කෙනෙක්ද, එයාගෙ ෆැමිලි එක කොහොම එකක්ද, මේ හැමදේම නිසා මගෙ හිතේ තිබුන බය අඩු උනේ නැහැ.යාරා ට කරදරයක් වේවීද..... මගෙ හිතේ පුපුරු ගැහුවේ ඒ සිතුවිල්ල. ජීහෝ ගේ තාත්තා වගේම අයියත් අන්ඩර්වර්ල්ඩ් එකේ ප්‍රසිද්ද මැරයෝ වෙනකොට ජීහෝ ටත් අඩු නැතුව ඒ ගතිගුණ ඒ විදිහටම පිහිටලා තිබුනා.... ඒ වගේම එයාට ඕන දේවල් හොදින් හරි නරකින් හරි එයාගෙ ලගට ගන්න පුරුද්ද මම එයා දන්න කාලයක ඉදලම තිබුනා. යාරා කියන්නෙ මේ කිසිම දෙයක් නොදන්න අහිංසකියක්. මගෙ ප්‍රශ්න නිසා එයාට කොහොමත් කරදරයක් වෙන්න ඉඩ තියන්න බෑ මට.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඊයේ රෑ ජීහෝගෙන් උන කරදරය නිසා මම යාරාව දාන්න නොගිහින් මින්ගි ව විතරක් යැව්වේ ඊයේ මුලු රෑමත් අද තාමත් මට නින්ද නොගිය නිසා... මාව දැක්කොත් මේ විදිහට යාරා මට බනිනවා කියලා මම දන්න නිසා.

යාරාත් එක්ක එයා යන තැනකට මටත් යන්න ඕන උනාට, ඒක කරන්න මට බැහැ. මම හිර කාරයෙක්..... කිසිම නිදහසක් නැති, කැමති තැනකට යන්න බැරි, කැමති කෑමක් කන්න බැරි, කැමති මිනිස්සු ආශ්‍රය කරන්න බැරි මම හිර කාරයෙක්.

Mingi - : ජුනෝ... උබ කොහෙද.....

Joon - : මේ... මෙහෙ...යාරයි මින්ශුයි ෆ්ලයිට් එකේ නේද බං... ගාඩ්ලා දෙන්නත් ඉන්නවා නේද.....

Mingi - : අඩෝ ඉදගන්නකම් වත් ඉදපං කෝ.....

Joon - : හරි හරි හැමදේම හරි නේද කියහං....

Mingi - : ඔක්කොම හරි.... කිසිම දේකට බය වෙන්න එපා.... උඹේ මලට මුකුත් වෙන්නෙ නෑ.... මගෙ මලටත් එහෙම්මම තමයි ඉතිම්

Joon - : ඇති යන්තම්....

උඩට ගත්ත ලොකු හුස්මක් පිටට දාන ගමන් සෝෆා එකේ සැහැල්ලු විදිහට ඉද ගත්තේ හිතේ පිරිලා තිබ්බ ලොකු බයක් නිදහස් වෙද්දි.

♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ ||  [ KNJ ]  || ✅✅ Where stories live. Discover now