pt. I̲̅V̲̅

Beginne am Anfang
                                    

චෑන්, කායි ගෙ උර පත්තට එකක් ගහන ගමන් හිනා වුණා. චෑන් හැඩ වීමේ රහස කායි ට කියන්න තිබුණා, ඒකට ඉඩක් ලැබුණා නම්..

"චැන්යොල් ...!!"

………………………

කායි පවා උඩ ගිහින් බිම වැටුණා. මේ පාර මොන මරාලයක් ද පාත් වුණේ කියලා හිතා ගන්න චෑන් ට හැරිලා බලන්න ඕනෙ වුණේ නෑ. 

"ය්..ය...ය යොන්ජුන් හ්‍යුන්ග්... ??"

"තමුන් මොකද මෙතන චැන්යොල් එක්ක කරන්නේ ? එතකොට තමුන්... තමුන් මොකක්ද මේ නටන නාඩගම ආ... කියනවා !! කතා කරනවා චැන්යොල්!"

කායි ඒ වෙනකොටත් හිටියෙ පාක් එකෙන් එළියේ.
"බ්ර්ර්ර්ර්...."

ඔලුව දෙපැත්තට වේගයෙන් හොලවන ගමන් කායි කල්පනා කරේ තත්පර දෙකකට කලින් කැෆේ එකේ හිටිය එයා එළියට ආවේ කොයි වෙලේද කියලා ...

…………………………………………………………

"හ්‍යුන්ග්...ම.. මං.."

"මට කිසිම ප්‍රශ්නයක් නෑ තමුන් මොනවා කලත්...යොන්ජී කොහෙද කියනවා?"

"කො.. හෙද ... ම මං..."

"අන්න බලනවා..."

යොන්ජුන් චෑන් ගෙ කම්මුල් අතෙන් තද කරලා මිරිකගෙන මූණ හරවලා පෙන්නුවා.

යොන්ජී... එයා කාත් එක්ක හරි ලොකු කතාවක්. චෑන්ගේ ඇස් උඩ ඉන්ඳුනා. යොන්ජුන් අකමැතිම දෙයක් මේ ලෝකෙ තියේ නම් ඒ යොන්ජී කාත් එක්ක හරි කතාවට වැටෙන එක.
ඒ ඇයි කියන්න චෑන් දන්නෙ නැති වුණත් දැන් වෙන්න යන දේ නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා එයාගෙ හිත කිව්වා.

'චෑන්... පුරුෂ ධෛර්ය කකුල් වලට අරන් ඩබල් එකේ දුවන්නයි තියන්නේ'

ටිකක් වෙලා එහෙමම චෑන්ගේ දිහා බලන් හිටිය යොන්ජුන් චටාස් ගාලා චෑන්ගේ කම්මුල ක් අත ගෑවා.

(මොන බොරු ද ළමයි... කම්මුල අත ගාද්දි කොහෙද එච්චර සද්දයක් එන්නේ 🙍 මෙතන වෙන මොකක් හරි වෙන්න ඇත්තේ??)

පාක් එකේ එහෙ මෙහෙ ඇවිදින, කාලෙ කන සහ අනුන්ගේ දේවල් සොයනු කැමති වූ අයට නම් මේක තවත් එක, ලස්සන show එකක් වුණා.
ගොඩක් අය හැරි හැරී බලන කොට චෑන් ට ඇතිවුණේ හරිම ලැජ්ජාවක්. ඊටත් වඩා ඒ පාරට ගොඩක් ම රිදුණේ චෑන් ගෙ හදවත. ලැජ්ජාවෙනුත් හිත රිදීමෙනුත් වැදුණ පාර නිසාත් රතු වුණ මූණත් එක්ක චෑන්, යොන්ජුන් ගේ පස්සෙන් ම හිමින් ගෑටුවා.

Rαín ín thє Sunshínє 🌈Wo Geschichten leben. Entdecke jetzt