Chapter 26 🌧️⛈️

Start from the beginning
                                    

Joon - : යනවද....

ඔප්පා එයාගෙ අත් දෙකෙන්ම මාව අල්ලගෙන... එක අතක් මගෙ පිටිපස්සෙන් ඉණ වටා එතෙනකොට අනිත් අත ඉස්සරහින් ජූන්මිවත් මට හිර වෙන විදිහට අපිව අල්ලගෙන... ඔලුව මගෙ උරහිස උඩ....

Yara - : යන්න ඕනනෙ ඉතිම්.... ඔය අත ගන්න ජූන්මි ඇහැරෙයි.......

Minshu - : එනවකෝ යාරා මොනවා කරනවද අප්පා..... මම යනවා යන්න

Yara - : ඔහොම ඉන්න ටිකක් මේ එනවා... මට තනියම යන්න බෑ ඔප්පා අතාරින්නකෝ....

Joon - : කෝ තාම 9.00ට නෑ.....

හරියටම 9.00ට මිසක් ඔප්පා මාව අතෑරියේ නෑ.... මම හිමීට ජූන්මිව ඔප්පා ලගින් තිබ්බේ එයා ඇහැරේවී කියන බයත් එක්කම.....

Joon - : යනවද....

මුකුත්ම නොකිය ඔප්පගෙ මූණ දිහා බලලා මම වාහනයෙන් බැහැලා ආවා.

Joon - : බෙහෙත් ටික බොන්න හරිද.... වේලාසන නිදා ගන්න බලන්න.... මම උදේට එන්නම් මින්ගි එක්ක.....

එයාලා ඈතටම නොපෙනෙන්න යනකම් මම බලාගෙන හිටියා....

Minshu - : ඕයී එනවා එලිය සීතලයි......

Yara - : මේ එනෝ.....

මින්ශූ මාව එයාගෙ ජැකට් එක අස්සේ ගුලි කරගෙන එන්ටර්ටේන්ම්ට් එකේ අපේ රූම් එක පැත්තට ඇවිදගෙන ගියේ හෙටින් පස්සෙ සතියක් මෙහෙ නෙමෙයි නේ කියන හැගීම අපි දෙන්නගෙම හිත් වල පිරෙනකොට....

Minshu - : මට නම් ගිය පයින්ම ආපහු මෙහෙ එන්න වේවිද දන්නෑ ඒයී....

Yara - : හ්ම්..... ගෙදර අය කොස්ස දානවා නේද

Minshu - : හ්ම්....

Yara - : රටක් ලෝකයක් වටින මං වගේ හිපාටු යාලුවෙක් ඉන්නකොට මොකට බය වෙනවද සොදුර.... අපේ ගෙදර බාත්රෑම් එක ලගින් පැදුරක් දාලා දෙන්නංකෝ මම්.... හුම්...

මින්ශුගේ කොණ්ඩෙත් අවුල් කරලා මම දිව්වේ අපේ රූම් එකට.... මම දන්නවා එයා මේ ප්‍රශ්න නිසා ඉන්නෙ ගොඩක් දුකින් කියලා.... මට ඕන නෑ මගෙ හොදම යාලුවා දුකින් ඉන්නවා බලන්න..... මේ නිසාම හැම තත්පරේම මට ඕන උනේ එයා ප්‍රශ්න අමතක කරලා සැහැල්ලුවෙන් ඉන්නවා බලන්න. ඒකයි එයා දුකින් ඉන්න හැම වෙලාවකදිම එයාට හිනා යන දේවල් වැඩිපුර මම කරන්නෙ. ඒත් ඒ මෝඩි ඒවට නැට්ට පාගන් නටන වෙලාවලුත් නැතුවම නෙමෙයි... ඒක ඌගේ පුරුද්ද.... මං නොදන්නවෑ.... කොහොම හරි මට ඕනේ මින්ශූ මගෙත් එක්ක ඉන්නකොට හිනා වෙලා ඉන්න....මොන ප්‍රශ්න ආවත් අපිට අපි ඉන්නකම් මට විශ්වාසයි අපි සතුටින් ඉදී.... අපිට අපි නැති දවසක.... ඒක හිතාගන්නවත් බැරි වේවී......

♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ ||  [ KNJ ]  || ✅✅ Where stories live. Discover now