එය සොයාගත යුත්තේ රජු විසින්මය...එය රජුගේම කාර්යයක්මය..."

"යාහ්හ්හ්හ්හ්හ්...මේ පොත ලිව්ව එකා හිටිය නම් මං මරාගෙන කනවා...හරියට කියපන්කෝ හොයාගන්න හැටි..."

Suga කේන්තියෙන් කියන ගමන් පොතත් වහලා කාමරේ එහෙට මෙහෙට ඇවිදින්න ගත්තේ කරන්න ඕනි දේ මොකක්ද කියලා හිතාගන්න අමාරු නිසා...

"ආරස්සෝ...ඉයුන්ගෙන් මට ආවේ අමුතුම මත් වෙන සුවදක්...ඒක වෙන කෙනෙක්ගෙන් දැනුනෙම නෑනේ මට...එතකොට මට තියෙන්නේ එයාගේ මොකක් හරි මාර්ක් එකක් තියේද කියලා...ඒත් ඒ මාර්ක් එක මොන වගේ එකක්ද?"

Suga ටික වෙලාවක් කල්පනා කරලා ආපහු පොත අතට ගත්තා...කොහෙන් ගියත් ඉතින් ඒ පොතෙන් නේ හොයාගන්න දේ ගැන තොරතුරක් තියෙන්නේ...

"එතුමියගේ සිරුරේ පවතින සලකුණ රජුගේද එලෙසම පවති...
එහෙත් එය පවතින ස්ථානය වෙනස් විය හැක...
එම සලකුණින් තමන්ගේ රැජින තහවුරු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත..."


"මොකක් කිව්වා...ඈ...ඒ කියන්නේ මගේ ඇගෙත් ඒම සලකුණක් තියෙනවද? මොකක්ද සලකුණ..ම්ම්ම්ම්...හරි බලමු..."

Suga එහෙම කියන ගමන් කණ්ණාඩිය ගාවට ගිහින් ඇදගෙන හිටපු ටී ශර්ට් එක ගැලෙව්වා...හතර වටේට හැරි හැරි බැලුවේ තමන්ගේ ඇගේ තියෙන මාර්ක් එක මොකද්ද කියලා...

"ඕහ්...!! මේ මොකක්ද...?"

හැරි හැරි බලන වෙලාවේ තමා එයා දැක්කේ දකුණු උරහිසට පොඩ්ඩක් පහලින් පිටේ අමුතු මාර්ක් එකක් තියෙනවා...ඒක නිකන් ටැටූ එකක් වගේ...

"මේ මාර්ක් එක ලොකු උනේ කොහොමද...බැරිවෙලාවත් මේකද කියපු මාර්ක් එක..."

ඒ මාර්ක් එක sugaගේ ඇගේ තිබුණා ඉස්සර ඉදන්...එයා පොඩි කාලේ ඔය මාර්ක් එක එච්චර ලොකුවට තිබුණේ නෑ...පරිවර්තනය වුනු දවසේ ටිකක් මාර්ක් එක වෙනස් වුනා...දැන් එයාගේ මේට් එයා ගාවට ඇවිත් තියෙන නිසා තවත් මාර්ක් එක වෙනස් වෙලා තියෙන්නෙ...

"ඕහ්...ඒ කියන්නේ මේක තමා ඒ මාර්ක් එක...එතකොට මගේ මේට්ගේ ඇගෙත් මේකම තියෙනවා..."

THE NIGHT OF THE BLOOD 🍁 ✔️Where stories live. Discover now