☠️ CHAPTER 15 ☠️

157 26 6
                                    

ONE WEEK LATER ............

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂

හැම නපුරක් ම සිද්ද වෙලා සතියක් ගෙවිලා ගිය තැන හැමෝගෙම ජීවිතත් ටිකෙන් ටික වෙනස් උනා. ඒ වෙනස් වීම , සමහරෙක් ට සුභදායි ව බලපෑවත් තවත් කෙනෙක්ට අසුභදායී උනා.

.
.
.
.
.
.
.
.
.

කාලය ගත වීමත් එක්ක සෝහාගෙ බඩේ තුවාලය යම්තාක් දුරට සනීප වෙලා තිබුනා. සෝහාගෙ ගෙවල් තිබුනෙ බූසාන් වල... ඉතින් එයාගෙ ඔම්මටයි අප්පටයි නිතරම එයාව බලන්න සෝල් එන්න අපහසු උන නිසා සෝහාව KS hospital එකෙන් ඩිස්චාර්ජ් කරගෙන බූසාන් වල හොස්පිට්ල් එකට අරගෙන ගියා. සෝහා ගිය දවසෙ ජින් ගොඩක් ඇඩුවා. ජින් , සෝහා ගෙ ඔම්මයි අප්පයි ලග දන ගහලා සමාව ගත්තා. මොකද ජින් තවමත් හිතන්නේ එයා නිසා උන වරද ගැනමයි. මේ හැමදේටම වරදකාරයා තමන් කියලා හිතන නිසාම , ජින් හැම මොහොතක ම ඒ ගැන හිත හිත ගොඩාක් පසුතැවුනා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

PRESENT TIME...
IN THE HOSPITAL .......

YOONGI 'S ROOM....
.
.
.
.

🐱 " දවසක් ද ? දෙකක් ද ? දැන් සතියකුත් ගෙවිලා ගියා. "

🐱 " දැන් ඇති..."

🐱 " ජින් !!!! මම උබටයි මේ කතා කරන්නේ ?? උබ අහගෙන නෙවෙයි ද ඉන්නේ ??? "

🐹 " ආහ් !!!! .... මො...මොකක්ද ??? "

🐱 " මොන සිහියෙන් ද ඉන්නේ ??? "

🐹 " මම මේ වැඩක් කියලා පේන්නේ නැද්ද යුංගියා.."

🐱 " වැඩක් නම් තමයි..ඒත් මම කියන දේ ඇහෙන්න නැති වෙන තරමට උබ කන් දෙකට මොකුත් ගහගෙන නෑනේ..."

🐹 " මොකද මේ හරස් වචනෙන් කතාව...මගෙන් මොකක් හරි උනාද උබට "

ජින් , යුංගි ගෙ මූන දිහා බලාගෙන ඇහුවම , ටික වෙලාවක් ජින් දිහා බලාගෙන හිටිය යුංගි ජනේලෙ පැත්තට මූන හරව ගත්තා.

එලියෙ පරිසරය දිහා බලද්දි , හැන්දෑවේ තැබිලි පාට ඉර එලිය ජනේලෙන් පරාවර්තනය වෙලා ඇවිත් යුංගිගෙ මූනට වැටුනා. ඒ එක්කම බැරෑරුම් සුසුමක් වාතලයට පිට කෙරුව යුංගි ආයෙම ජින් දිහාට හැරුනා.

☠️ TRUTH ☠️   [ ON HOLD ]Where stories live. Discover now