TH-" Angle.... හ්‍යුන්ග් , ඉක්මනින් නාගෙන ඇදුමක් මාරු කරන් එන්නම්... ම්ම්ම්ම්ම්..... ඔහොම ඉන්න... "

Taehyung , ආයෙත් jungkookගේ කමිසේ ඇද උඩින් තියලා bathroom එකට ගියා. Taehyungට තවමත් jungkookගේ මතක වලින් ඈත් වෙන්න බෑ. එයාට පිස්සුද ? නෑ.... එයාට මානසික ලෙඩක් තිබ්බත් දැං තියෙන්නේ පිස්සුවක් නෙමේ. එයා දන්නවා තවත් එයාගේ angle එයා ලග නෑ කියලා. එයා එයාගේ angleව හැම තැනම හොයනවා. ඒත් එයාට angleගේ මතක වලින් ඈත් වෙන්න බෑ. එයාගේ angle ඈතින් ඉන්නේ කියලා පිලි ගන්න කැමති නෑ.... එයාට එයාගේ angleව ඕනේ .

Taehyung , ඇදුමක් මාරු කරන් කාමරේට ආවා. ඇවිත් එයාගේ සුපුරුදු තැන නිදා ගත්තා. එයාගේ ඇදේ, jungkookගේ කමිසෙත් ලග තියන් නිදා ගත්තා.
.

.

.

.

.

*ring*

Taehyung , උදේ ඇහැරුනේ එයාගේ phone එක ring වෙන සද්දෙට. Taehyung phone එක අතට අරන් number එක බැලුවා. Jin.....
Taehyung , call එක answer කරා.

" Hello "

" Tae..... good morning "

" mmmmm "

" අද එනවද ? "

" කොහෙද ? "

" අද ඔයාගේ චෙකප් එක... "

" බෑ ,  මට වැඩ "

" ඒත්... ඔයා අද එන්න ඕනේ, දැං එතකොට අද ඔෆිස් යනවද ? "

" ම්ම්ම්...නෑ....මං වෙන ගමනක් යනවා"

" කොහෙද ? "

" ඒක මගෙයි, angleගෙයි රහසක් "

" taehyung , ඔයා බෙහෙත් බිව්වද ? "

" ම්ම්ම්ම්.... "

" මේ අහන්න tae... ඔයා ඔයිට වඩා ඉවසන්න පුරුදු වෙන්න...
ඔයිට වඩා ඔයා ගෙන සැලකිලිමත් වෙන්න.... ඔයිට වඩා ඔයා~~"

" මීට වඩා මොනා ඉවසන්නද ... මං මාසයක් තිස්සේ කරන්නේ ඉවසන එක නෙමේද කරන්නේ jin... එයාට මං හැමදාම කතා කරනවා, එයාව මං හැම තැනම හොයනවා ... ඒත් .... ඒත් එයා මං එක්ක වචනයක්වත් කතා කරන් නෑ.. එයා හොදින්ද කියන්නෙවත් නෑ "

"අර්හ්... ම්ම්ම් හරි... මතක් කරලා බෙහෙත් බීලා යන්න ම්ම්ම් "

" හරි..."

DrugWhere stories live. Discover now