Chapter 22

3.6K 614 255
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

_____________________________________

TH-" Sorry angle ......ආර්හ්...මං වෙලාව දැක්කේ නෑ.... මං එන්න ගොඩක් පරක්කු උනාද ? අහ්... sorry ....
මං අද ගොඩක් දුර ගියා ඒකයි, එන්න පරක්කු උනේ..... "

Taehyung , එයාගේ කාමරේට ඇවිත් ඇද උඩින් වාඩි උනා.

TH-" මං..මං එනකන් ගොඩක් බලන් හිටියද angle ...... මං ගොඩක් පරක්කු උනාද ? ම්ම්ම්.... මං ඔයාට අද රෝස මලක් අරන් ආවා...... ම්ම්ම් පරක්කු උනාට හ්‍යුන්ග්ට සමාව දෙනවද ? "

Taehyung , ඇද උඩ තිබ්බ කමිසයක් අතට අරන් ඇහුවා.ඒ කමිසේ, ටිකක් ලොකු කමිසයක්, ඒ කමිසේ මාසයක් පුරාවට වියලුනු jungkookගේ ලේ තවමත් තියනවා. Jungkook අවසානෙට ඇදන් හිටිය ඇදුම එක... ඒ වගෙම jungkook taehyungට ඉතුරු කරලා ගියේ එච්චරයි .

Taehyung , ඒ කමිසේ අතට අරන් බදා ගත්තා.

TH-" හ්..හ්‍යුන්ග්ට ගොඩක් සීතලයි angle .... මාව තදින් බදා ගන්නවද ?
හ්‍යුන්ග්ව හයියෙන් අල්ල ගන්නවද? අර ඉස්සර වගේ.... මගෙ සීතල නැති කරන්න පුලුවන්ද ? මං දන්නවා මේ ගිම්හාන කාලේ, ඒත් ඇයි මට මේ කාලෙ සීත සෘතුවටත් වඩා සීතලක් දැනෙන්නේ..... ඇයි මේ ඇද හිස් වෙලා වගේ දැනෙන්නේ..... "

Taehyung , jungkookගේ කමිසේ තවත් පපුවට තද කර ගත්තා.එයාගේ angle එයාව දාලා ගිහින් මාසයක් වෙනවා.
තවමත් මාසයක් පුරාවට එයා, එයාගේ angleව හැම තැනම හොයනවා.
එයා දැං ඔෆිස් යන්නෙත් නෑ... එයාගේ angle ව මුලු දවසම හොයනවා.
අදත් උදේම, එයා ගියේ ගොඩක් ඈත, හැම ගෙයක් ගානෙම බැලුවත් එයාගේ angle හිටියේ නෑ. ඒත් එයා තවමත් බලාපොරොත්තු අත ඇරලා නෑ... එයා එයාගේ angle හොයන එක නවත්තලා නෑ. එයා ආයෙත් අද mansion එකට ආවා.... ඒත් ඒ එද්දි ගොඩක් රෑ උනා.

DrugWhere stories live. Discover now