"Pls මිස් ජියොන් ඉස්සෙල්ලම ෆුල් වීඩියෝ එකම බලලා ඉන්න.."

කුකීගෙ පන්තිභාර මිස් මගෙ උරහිසට අත තියන ගමන් මාව සන්සුන් කරන්න හදද්දි මන් ඉවසගෙන ආපහු වීඩියෝ එක බලන්න පටන් ගත්තා...පැත්තකට වැටිච්ච මගෙ කොල්ලා අමාරුවෙන් බිම අල්ලගෙන නැගිටින්න හදද්දි අර එක කොල්ලෙක් ඇවිල්ලා ආයි මගෙ කුකීට පයින් පාරක් දෙද්දි කුකී ආයෙමබිම ඇදගෙන වැටුනා....නොදැනුවත්වම මගෙ ඇස් දෙකෙන් වැටුනු කදුළු බින්දු දෙකක් මගෙ කම්මුල සිප ගනිද්දි මන් අත් දෙක මිට මොලෝගෙන ඉවසුවා...උන් ඔක්කොටම කෑගහපු කුකී අමාරුවෙන් නැගිටලා ආපහු යන්න අනිත් පැත්ත හැරෙද්දි අර කොල්ලො ටිකගෙ ලොක්කා වගේ හිටපු කොල්ලා නක්කලේට වගේ කුකී දිහා බලලා මොනා හරි කිව්වත් එක්කම යන්න හැරිච්ච මගෙ කුකී ආපහු අනිත් පැත්ත හැරුනා...

ඒ මූන....ඒක ඒක...කුකීගෙ ඇස් තරහෙන් ගිනිගන්නවා...හරියට නිකන් අර ජරා මිනිහා හිරෙන් නිදහස් වෙලා අපේ ගෙදර ආපු දවසෙ හිටිය කුකී වගේ..අතේ නහර ඉලිප්පිලා...හරියට නිකන් රාක්ශයෙක් වගේ...ඒත් එක්කම අකුණක් ගැහුවා වගේ ඒ කොල්ලා ළගට ගියපු කුකී ඒකගෙ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලගෙන මූනට ගහපු පාරට ඒ කොල්ලා විසික් වෙලා ගිහින් වැටුනා...මට ක්ෂනිකව බැලුනෙ කුකීගෙ මූන දිහා...මන් බලනවත් එක්කම ඒ ඇස් තව ටිකක් බිමට බර උනා...ඊළගට මන් දැක්කෙ කොල්ලො හතර දෙනෙක් එකා පිට එකා නැගගෙන මරාගන්නවා...

නෑ!! එක කොල්ලෙක් කොල්ලො තුන්දෙනෙක්ට වටකරගෙන ගහනවා...

මන් අල්ලන් හිටිය කුකීගෙ අත ඉබේටම වගේ මගෙ අතින් අත ඇරෙද්දි මන් කුකී දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා...

"මගෙ හා පැටියට මෙච්චර දරුණු වෙන්න පුළුවන්ද.."

කුකී ගහපු සමහර පාරවල් වලට මගෙ ඇස් වැහිලා ගියේ ඒවා බලන්න තරන් හයියක් මට නැති හින්දා...කුකී එක කොල්ලෙක්ට ගහද්දි තව කොල්ලෙම් දුවලා ගිහිල්ලා ලග තිබ්බ පොල්ලක් අරගෙන ඇවිල්ලා කෙලින්ම කුකීගෙ අතකට ගහපු පාරට කුකී විසික් වෙලාගිහිල්ලා ළග තිබ්බ බිත්තියෙ ඔළුව වැදුනා...ඒත් එක්කම ඒ නලල දිගේ ටික ටික ලේ බින්දු එක දෙක පහලට වැටෙද්දි ඒ ගහපු කොල්ලට ආපහු ගහපු කුකී උන්තුන්දෙනාගෙන් ලොක්කා වගේ හිටිය කොල්ලා බිම වැටිලා ඉද්දිත් ඒ කොල්ලගෙ ඇග උඩ නැගගෙන ගහන්න ගත්තා..අර කොල්ලාගෙ මූනම රතු පාටට හැරෙද්දි කුකීගෙ නලලෙන් පෙරෙන ලේ මුළු මූනම වහගෙන...කදුළු බින්දු එක දෙක වැටෙද්දි මට මේ වෙන දේවල් දරාගන්න බැරි උනා...කුකී අර කොල්ලගෙ ඇග උඩ ඉදගෙන ගහන කොට එක කොල්ලෙක් පැනලා දිව්වා. ටික වෙලාවකින් එතනට සර් කෙනෙකුයි ටීචර්ස්ලා දෙන්නෙකුයි ඇවිල්ලා කුකීව අර කොල්ලගෙන් එහාට කලා....

"ඒත් සර් මගෙ කු..ක්කී එහෙම ක...රන්නෙ නෑ...නේ...."

"ඒක තමයි මිස් ජියොන් අපිටත් තියන ප්‍රශ්නෙ...."

"එතකොට දැන් අනිත් ළමයි තුන්දෙනා කොහෙද ඉන්නෙ සර් ඒ ළමයින්ගෙ තත්වෙ බරපතලද.."

"එයාලා ස්කූල් එකේ තියන මෙඩි කියුබ් එකේ ඉන්නෙ...එයාලගෙ තුවාල නම් ටිකක් දරුණුයි...ජ්න්ග්කුක්ටත් සැලකිය යුතු මට්ටමකට තුවාල වෙලා තියනවනේ...ඒ උනාට මන් කැමති මේ ප්‍රශ්න ඕනාවට වැඩිය දුර යන්නෙ නැතුව ස්කූල් එක ඇතුලෙම විසදගන්නවා නම්.."

" මම ඒ දෙමව්පියන් එක්ක කතා කරන්නම් සර්..."

"ඒක හොදයි මිස් හේයොන්..."

"මන් එහෙනං ඒ පැත්තට ගිහින් එන්නම් සර්...."

සර්ට බව් කරලා මන් කුකී ගාවට ගියේ එයාවත් එක්කන් ඔෆිස් එකෙන් එළියට යන්න...

"ඒත් මිස්...."

මන් ආපහු සර් දිහාවට හැරුනෙ මට මොනාහරි මග ඇරිලා තියනවද කියලා බලන්න...ඒත් සර් ඊළගට කිව්ව දේත් එක්ක මට උන්හිටිතැනත් අමතක උනා...

"අපි ජන්ග්කුක්ව සති දෙකකට සස්පෙන්ඩ් කරන්න තීරණය කලා..."

.

.

.

~By crazyarmygirls~

________________________________

Vote & comment pls~

To be continued~

Without meDove le storie prendono vita. Scoprilo ora