අයිස් වූ හදවත් දෙකක එක්වීම 💙

En başından başla
                                    

"ජ....ජැක්...."

සැරින් සැරේ එල්සා මිමිනුවේ එකම නමක්....
ඇනා සහ ක්‍රිස්ටොෆ් එල්සා ගැන කතා කරමින් හිටියා...

"මට හිතාගන්න බෑ ක්‍රිස්....මෙයා කියවන්නෙ එකම නමයි....ඒ ජැක්...මගේ අක්කව මට නැති කරගන්න බෑ...."

ඒ එක්කම දණගාගෙන ආපු පුන්චි ක්‍රිස්ටි ක්‍රිස්ටොෆ්ගෙ ඔඩොක්කුවට නැග්ගා..

"තාත්ති...අපි ආත්තිලා බලන්න නන්නෙ නැද්ද...උයා යන් කිව්වනේ...."

ක්‍රිස්ටොෆ්ට සහ ඇනාට ආවේ එකම අදහසක්...

ස්නෝග්‍රාස් යනවා කිව්ව වෙලේ ඉදන් එල්සා අමුතු පණක් ලැබුනා වගේ හිටියේ....ෆ්ලයිට් එකේ යද්දි එයා ක්‍රිස්ටිටයි ඇවෝන්ටයි ජැක් ගැන තොරතෝංචියක් නැතුව කියන්න ගත්තා...
ෆ්ලයිට් එකෙන් බැස්ස ගමන් එයා දිව්වේ ස්මාරකය ගාවට...ඇනාවත් ක්‍රිස්ටොෆ්වත් එයාව නැවැත්තුවේ නෑ...එයා පස්සෙන්ම ගියා. .....





Elsa pov.........





මගෙ හදවතේ සීතල වැඩි වෙද්දි මම අඩපණ වෙන්න ගත්තා...ඒත් ඇනා මට ස්නෝග්‍රාස් යනවා කිව්ව වෙලේ ඉදන් මට අමුතු පණක් ලැබුනා...
ජැක්..මම එනවා...
ෆ්ලයිට් එකෙන් බැස්ස ගමන් මම දිව්වේ එයාගේ ස්මාරකේ ගාවට...

ස්මාරකේට හේත්තු වෙලා සුදු පාට හිස් අහස දිහා බලන් එයා තනියෙන් හිනා වෙනවා....සුදු පාට කොන්ඩෙට යටින් තියන දුබුරු පාට ඇහි බැමි ඉස්සිලා තිබ්බේ එයා වේදනාවෙන් හිනා වෙන බව පෙන්නන...

"ජැ.....ජැක්....."

ඒ එක්කම මට දැනුනේ මගේ හදවත සීතල වෙනවා....වෙනදා වගේ ඒ සීතල මට වේදනාවක් ගෙනාවේ නැ...

"එල්සා....."

ඒ එක්කම එයාගේ උණුසුමට මම ගුලි උනා....

"ඔයා හොදින්ද ජැක්....ඔයා ඇයි මාව හම්බෙන්න නාවේ...."

"ඔයාට හොල්මනකට ආදරේ කරන්න පුලුවන්ද...."

"ඔව්...."

ජැක් මගේ පපුවට අත තිබ්බා...ඒ එක්කම එයාගේ ඇස් ලොකු උනා...

"ඔයාගේ හදවත....ඒක...ගොඩක් සීතලයි...."

"හ්ම්....ඩොක්ටර්ස්ලා කිව්වා මගේ හදවත අයිස් පටලෙකින් වැහීගෙන එනවලු..."

My Snow Angel✔️✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin