මම ඔව් කියලා ඔලුව වැනුවා...මට කතා කරගන්නවත් සිහියක් තිබ්බේ නෑ....
එයා එකපාර මගේ මූනට ලන් උනා....එයාගේ නිල් ඇස් ලොකු වෙලා තිබ්බේ පුදුමෙන්....මගේ මුලු මූනම ස්කෑන් කරලා එයා බිත්තියට හේත්තු උනා...
"ඔ....ඔයා ජැක් ෆ්රොස්ට්ද...."
එයා ඔලුව වැනුවේ ඔව් කියන්න....එයාගේ හැම ඉරියවක්ම මාර ලස්සනයි....
"මේ අවුරුදු තුන්සීයටම මාව මුලින්ම දැක්කේ ඔයා...."
එයාගේ ගැඹුරු වොයිස් එකෙන් කිව්වම මම ඇදේ කෙලවරකට හේත්තු උනා... .ඇයි මගේ හදවත මේ තරම් වේගෙන් ගැහෙන්නේ...
"මම ඔයාව පුන්චි කාලෙත් දැක්කා...මම හැමදාම ඔයා එනකල් හිටියා..."
ජැක් ටික වෙලාවක් පුදුමෙන් බලන් ඉදලා අත බෙල්ල පිටිපස්සට අරන් ගිහින් උඩ බැලුවා....එයාගේ සිනිදු කොන්ඩේ එයා ඔලුව වනන හැම සැරේකම එයා එක්කම වැනුනා...
"ඔව්....ඒ කියන්නේ ඒ ඔයා....ඇලෙන්ඩේල්වල එල්සා ...ඔයා දැන් ගොඩක් ලොකු වෙලා...."
මම කරේ ලාවට හිනාවක් දාලා බිම බලා ගත්ත එක ...
"ඔයාට ....පාලු නැද්ද....තනියමනෙ ඉන්නේ...."
"අම්.....ටිකක්...ඒත් මම හුරු උනා....අවුරුදු තුන්සීයක්...."
එයා ලොකු හුස්මක් හෙලුවා....කාමරේ ලා අදුර මැද මම එයාගේ හුස්ම දැක්කේ දුමක් වගේ ....
"ඉතින්....ඔයාට පුලුවන්නෙ අනිත් අයට පේන්න එන්න...."
ජැක් මා දිහා බලල කට කොනින් හිනා උනා....ඒ හිනාවට මගෙ මුලු ඇගම සීතල වෙලා ගියා....මනුස්සයෙක්ට මේ තරම් ලස්සන වෙන්න පුලුවන්ද...අහ්...මේ මනුස්සයෙක් නෙමෙයිනෙ...අමතක උනා...
"දන්නවද .....කෙනෙක් මැරුනම වෙන්නේ එයාගේ හදවත සීතල වෙන එක....පණ තියෙද්දි රතු පාටින් තියන හදවත නිල් පාටින් වැහෙනවා...ඊට පස්සේ ආත්මය ඒ නිල් හදවත එක්ක අලුත් ජීවිතයකට යනවා....
ඒත් මම....මගේ හදවත සුදු පාටයි...මම අනිත් අය ආරක්ශා කරන කෙනෙක්...""මාත් ආසයි ...සීතල හදවතකට...."
"ඔයා හිතන තරම් ඒක සුන්දර නෑ එල්සා...."
එතකොටම ජනේලෙන් ලාවට හිරු රැස් ආවා.....ජැක් මා දිහා බලලා හිනා වෙලා ඇරලා දාලා තිබ්බ ජනේලේ ගාවට ගියා...
"ආය හම්බෙමු..."
මෙන්න මේ යකා ජනේලෙන් පැන්නා????
මැරෙන්න ආසවත්ද....අහ්...වෙන්න බෑ....එයා මැරිලනේ...
නිල් පාට හදවත් දහස් ගානක් අතර සුදු පාට හදවතක හිමිකාරයෙක් .....
නිල් හදවත් දහසක් අතර...
සුදු හදවතක හිමිකාරයෙක්ට...
පුලුවන් වෙයිද....
රතු හදවතක අයිතිකාරයෙක් වෙන්න..
නොගැහෙන හදවතකට...
පුලුවන්ද....
ගැහෙන හදවතක්....
ආදරෙන් පුරවන්න...
මනුස්ස කෙල්ලෙක්ට පුලුවන්ද...
නැවත උපතක් නැති...
අවතාරයක ආදරය කරන්න...❤️💙
ŞİMDİ OKUDUĞUN
My Snow Angel✔️✔️
Fantastikහිම....මගේ ජීවිතේ ලස්සනම දේ....හැම හිම වැටෙන රෑකම මම බලන් ඉන්නවා එයා එයි කියලා...එයා කවුද???..දන්නේ නෑ....ඒත් එයා එයි කියලා මම බලන් ඉන්නවා.... ශීත සෘතුවේ අහසින් වැටෙන හිම පියලි වලට වඩා මම එයාට ආදරෙයි....ඒත් එයා කවුද??? සීත රාත්රීවල හොරෙන් ඇවිත් මගේ...