එයාලා මගෙ කුකීවත් අරගෙන යන්න ලෑස්ති වෙලා......එක පාට්ට පපුවට උල් පිහියක් බහිනවා වගේ වේදනාවකින් පපුව ඇදුම් කද්දි මන් ගිහින් ගෙදර මෙයින් ඩෝ එක හරස් කරගත්තා....

මන් මගෙ කුකීට පොරොන්දු උනා එයාව නූනා ගාවින්ම තියා ගන්නවා කියලා...මන් කොහොමද කුකීට දීපු පොරොන්දුවක් කඩන්නෙ.....ඉර එළියෙන් හැඩ වෙලා තිබ්බ මගෙ ලස්සන අහස අදුරු උනේ මීට අවුරුද්දකට කලින්....ඒත් ඒ අදුරු අහසෙ අදුර මකන්න පායපු මගේ හද....මගේ හුස්ම ටික තමයි කුකී...අද ඒ හදත් මගෙ අහසින් මැකිලා ගියොත් ඒක මේ නූනාට දරාගන්න බෑ කුකී....

කුකී කදුළු පිරිච්ච ඇස් වලින් මන් දිහා බලන් හිටියා...එයාලා මගෙ කුකිවත් අරගෙන දොර ගාවට යද්දි මන් මළමිනියක් වගේ ඔහේ බලන් හිටියා...එයාලා දොර අරිද්දි දොර ඉස්සරහා හිටියේ මන් බලාපොරොත්තු වෙච්ච කෙනෙක්නම් නෙමෙයි....

"මි....මින් අංකල්...."

අංකල් තමයි අපේ ෆැමිලි ලෝයර්....ඒ වගේම එයා මගෙ අප්පගෙ හොදම යාළුවෙක්..අංකල් මොනාද මේ වෙලාවෙ මෙතන කරන්නෙ කියලවත් මට සිහියක් තිබුනෙ නෑ...මන් ඉක්මනට දුවලා ගිහිල්ලා කුකීගෙ අත අර යෝධයොන්ගෙන් ගලෝගෙන ඉක්මනට එයාවත් ඇදන් ගිහින් මින් අංකල් පිටිපස්සෙ හැන්ගුනා..මගේ කදුළු මන් පුළුවන් උපරිමෙන් පාලනේ කරගෙන හිටියේ මන් මේ වෙද්දිත් අඩලා අඩලා හොදටම හෙම්බත් වෙලා හිටපු නිසා....අනේ මන්දා ඒත් එක විනාඩියකට මට හිතුනේ මාවයි කුකීවයි මේ කරුමෙන් ගලෝගන්න පුළුවන් කෙනෙක් හම්බුනා කියලා..මන් කුකීගෙ අල්ලන් හිටිය අත තවත් තදකරලා මිරික ගන්න ගමන් මින් අංකල් ගාවට දුවන් ගියා...

"මිස්ටර් මින්..ඔයා මොනාද මෙතන කරන්නෙ"

"මන් ආවෙ මිසිස් සොන්ග් කරන්න ආපු වැඩේ නතර කරන්න"

මින් අංකල් අජුම්මාට දෙවනි නොවෙන්න කියද්දි මන් තවත් තද කරලා කුකීගෙ අතින් අල්ලත්තා...ඒ කියන්නෙ මින් අංකල් ආවෙ මේ කරුමෙන් අපිව ගලවගන්නද....ඒ...ඒ ඒ කියන්නෙ...එතකොට මටයි කුකීටයි එ..එකට ඉන්න පුළුවන්ද....මන් වගේ කරුමක්කාර කෙල්ලෙක් දිහා අන්තිමේදි හරි දෙවියන් වහන්සේ බලලාද..

Without meWhere stories live. Discover now