"නූනා....."

කුකී කෑ ගහනවා ඇහිච්ච නිසා මන් අමාරුවෙන් ඔළුව උස්සලා ඒ පැත්ත බල්ලද්දි අර මිනිස්සු මගෙ කුකීව මරන්න ගෙනියන හරකා වගේ ඇදන් යන්න හදනවා...

"අත අරිනවා මාව...නූනා....නෝ ග්වෙන්චනා(Are you ok?)...අත අරිනවා මාව....නූනා...."

එතකොටම වගේ අර අජුම්මා මගෙ ළගට ඇවිල්ලා කොළයක් දික් කලා...

එතකොටම වගේ අර හයේ හතරේ තඩියෝ දෙන්නෙක් ඇවිල්ලා මගෙ කුකීව එක්කන් යන්න හැදුවා...කුකී එයාලගෙන් කොච්චර ගැලවෙන්න හැදුවත් ඒ අත්වලින් කුකීට ගැලවෙන්න හම්බුනේ නෑ...

"මේකෙ පහළින් ඔයා සයින් කරන්න...ඒ වගේම අපි ඔයාගෙ දොංග්සන්ව (මල්ලිව)අරන් යන්නෙ සෝල් ළමා ආරක්ෂක සේවය යටතේ තියන ළමා නිවාසෙකට..ඔය කොළේ වැඩි විස්තර තියනවා..."

ඒ අජුම්මා එහෙම කියලා යන්න හදදද්දි මන් කෙලින්ම ගිහින් නතර උනේ එයාගෙ කකුල් දෙක ළග....බිම වැටීගෙන මන් ඒ කකුල් දෙක බදාගෙන කොච්චර ආයාචනා කළත් මගේ කදුළු ඒ හිත උණු කරන්න තරම් ප්‍රභල උනේ නෑ....

"නූනා.....අත අරිනවා මාව....අනේ නූනා....මට යන්න බෑ....

කොහෙවත්....නූනා චෙබල් මාව බේරගන්නකෝ......අත අරිනවා මාව...මන් අනාතයෙක් නෙමෙයි අනාත නිවාසෙකට යන්න.....නූනා...."

මගෙ කුකීගෙ කෑගැහිල්ල මගේ කන් දෙකේ රැව් දෙනවා...ම...මන් මොකද කරන්නෙ....මගේ කුකී....

"ඔහොම නවතිනවා....."

මන් කෑ ගහද්දි කුකීගෙ අතින් අල්ලන් ඇදගෙන යන ගමන් හිටපු රාක්ෂයො ඔක්කොම ඒ පාර මොන නාඩගමක්ද අහන්න වගේ මූනු හදාගෙන මන් දිහා බලන් හිටියා...

"අපිව භාරගන්න කෙ....නෙක් ඉ...ඉන්නවා...."

"හ්ම්ම්.....කවුද ඒ..."

අජුම්මා අහද්දි මන් බිම බලා ගත්තා....අමාරුවෙන් වැටෙන්න දගලන කදුළුවලට වැටෙන්න නොදී පිට අල්ලෙන් පිහිදාපු මම බිම බලාගෙන කතා කලා...

"ම....මහප්පා.... එ-එයා කැ...මති කි-ව්වා... අපි දෙ...න්නව බ...බලා ගන්න"

මියානෙ කුකී....මට වෙන කරන්න දෙයක් නෑ...මට කුකී දිහා බලන්න බෑ...දැන් එයා මන් දිහා ගිනි ගන්න ඇස් වලින් බලන් ඇති..

"හහ්..... තමුසෙට පිස්සුද ආ....මාව යකා කරගන්නද ඕනෙ....කට වහන් පැත්තකට වෙලා ඉන්නවා...."

මන් හිමීට ඔළුව උස්සලා බලද්දි ඊයෙ රෑ කුකී හොදයි කියලා හිතුනා...ඒ තරම් භයානකයි ඒ මූන...ඇස් රතු වෙලා...නහර ඉලිප්පිලා....මියානෙ කුකී . නූනාත් අසරණයි පන...මන් කියලා වෙන මොනා කරන්නද.....

"ම...මමයි දැනට කුකීගෙ භාරකාරයා.. ඒ හින්දා මට තීරණයක් ගන්න පුළුවන් ඒ ගැන.... ම..මහප්පා අපිව බලාගන්න පොරොන්දු උනා...ඒ හින්දා දැන් ඉදන් අපේ භාරකාරයා... එ...එයා..."

මන් කොච්චර මේ දේවල් වලට වෛර කරත් අන්තිමේ මට ඒ තීරණේම ගන්න වෙලා....ඇයි දෙවියනේ මට මෙහෙම කරන්නෙ....මේක අසාධාරණයි...මගෙ කුකී....නූනාට ඔයා වෙනුවෙන් මේ දේවල් ගොඩාක් පොඩි දේවල්...ඉවසන්න මගෙ පැටියෝ...නූනා ඔයාට කොහෙවත් යන්න දෙන්නෙ නෑ....

"තමුසෙ....තමුසෙට පිස්සු.....

ආයිශ්.....මන් ඔය මහප්පා කියන එකාව පෙති ගහන්න කලින් කට වහන් හිටපන්...හොදින් කිව්වට තේරෙන්නෙම නෑනෙ තමුසෙට....මැඩම් අපිට ඇති භාරකාරයෙක් නෑ.....මන් කැමතී අනාත නිවාසෙට යන්න...කියන ඕන තැනකට යන්නං...ඔය මහප්පා කියන එකා ගාව ඉදන් තමුන්වම මරා ගන්න තරන් තමුසෙ ගොන්ද ඕයි....

"මේ අහනවා නූනා..මැණික චෙබල් මෙතන පිස්සු වැඩ කරන්න එපා....."

.

.

.

~By crazyarmygirls~

_______________________________________

Vote & comment pls

To be continued~

Without meWhere stories live. Discover now