New life ✔️(39)

5.1K 671 371
                                    

MORNING 🌄

උදෑසන හිරු පායමින් මුලු පැත්තම එලිය කරද්දි පුංචි පුංචි කුරුලු පැටව් ද එයාලාගේ සිංදු කියන රාජකාරිය උදේන්ම පටන් ගත්තා....

උදේ හත විතර වෙද්දි ටේහියුන්ග් ජන්කුක් දෙන්නාව නින්දෙන් ඇහැරවන්න වගේ හිරු රශ්මියෙන් ටිකක් ටේහියුන්ග්ගේ කර්ටන් එකේ අතරින් පතර රිංගලා කෙලින්ම ටේහියුන්ග්ගේ මුහුනට වැටෙන විදිහට පතිත වෙද්දි කෙඳිරි ගාමින් ටේහියුන්ග්ද එයාගේ ඇස් හෙමින් අරින්න සූදානම් උනා.....

🐯: හාහාහාහාආආආඅ....

ඇස් දෙකට කෙලින්ම වැටෙන හිරු කිරණ ආවරණය වෙන්න තමන්ගේ අතක් ඇස් ඉස්සරහට ගෙනාපු ටේහියුන්ග් කට ඇරලා ලොකු ඈනුමක් අරින ගමන් ලෑස්ති උනේ වෙනදා වගේ නැඟිටලා බාතෲම් එකට යන්න....

එත් ඇඳෙන් කෙලින් වෙන්න ගිය ටේහියුන්ග් එයා කරන්න ගිය එක මදකට නැවැත්තුවේ තමන්ගේ ඉන වටේ අතක් එතිලා තියෙනවා දැනුන හින්දා වගේම තමන්ගේ පපුව උඩ බරක් තියෙනවා කියලා තේරුන නිසා.....

එහෙමම ඔලුව පහත් කරලා තමන්ගේ පපුව දිහා බැලුව ටේහියුන්ග්ට දකින්න පුලුවන් උනේ එයා මේ මුලු ජිවීත කාලේට දැක්ක ලස්සනම දර්ශනයයි....

ටේහියුන්ග්ගේ උණුසුම් පපුවට ඔලුව තියාගෙන යාන්තම් කටත් ඇරගෙන හරිම සැහැල්ලුවෙන් හුස්ම ගන්න වගේම පිට කරන ජන්කුක් ටේහියුන්ග්ගේ තුරුලේ සුව නින්දක....

ඉර එලිය ජන්කුක්ගේ කිරි පාට ඇඟට වැටෙද්දි ඒ ශරීරේ දිලිසෙන්න ගත්තේ හරියට අව්වට අල්ලපු දියමන්තියක් ගානට......

කලින් මුලු රාත්‍රීය පුරාම ආදරේ නාමෙන් ටේහියුන්ග් තියපු ආදර සලකුනු ඒ මුලු ඇඟ පුරාම ලස්සනට පාට වෙලා තියෙන විදිහ දැක්කාම ටේහියුන්ග්ට දැනුනේ හරිම නිහතමානී ආඩම්බරකමක්....

🐯: අයිශ් මේ කොල්ලා නම්....

හරිම අමාරුවෙන් තමන්ගේ හිනාව පාලනේ කරන් ටේහියුන්ග් තමන්ටම එහෙම මුමුන ගත්තේ භාගෙට ඇරගෙන ඉන්න ජන්කුක්ගේ කටේ පැත්තකින් කෙල බෙරීගෙන ඇවිත් ටේහියුන්ග්ගේ පපුව තෙත් කරන්න ගත්ත නිසා.....

wife?..... no no husband (Completed ✅)حيث تعيش القصص. اكتشف الآن