Success party 🍾(27)

3.6K 608 394
                                    




🐯: hello...

හදිසියේම බලාපොරොත්තු උනේ නැති විදිහට තමන්ගේ ලැන්ඩ් ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත එකෙන් කැබින් එකට වෙලා හිටිය ටේහියුන්ග් ඒක අන්සර් කරේ කවුද කියලා බලන්න....

එත් ටිකකින් ලයින් එකේ එහා පැත්තේ හිටිය එක්කෙනා එයාගේ හඬ අවදි කරන ගමන් කතා කරද්දි ඒ කවුද කියලා අඳුර ගත්ත ටේහියුන්ග්ට ඉබේමයි තමන් ඉදගෙන හිටිය පුටුවෙන් නැඟිට්ටුනේ....

🐯: m...m..mr.Kang....?

ටේහියුන්ග්ගෙ පුදුම තරමේ කියනවා නම් මොන හේතුවකටද මන්දා එයාගේ අතත් ගැහෙන්න ගත්තා.......

🐯: ත්...ත්..තේරුනා mr.kang.... මං මං මගේ උපරීමෙන්ම මහන්සි වෙන්නම්....ස්..ස්තුති මාව ආයේ පාරක් විශ්වාස කරාට.....

Mr.kang ජන්කුක් කිව්වා වගේම කිසිම දෙයක් නොකියා තමන් ටේහියුන්ග්ට කතා කරන්න හේතු උන කාරණේ කියලා ෆෝන් එක කට් කරද්දි ටේහියුන්ග් තවමත් ෆෝන් එක කනේ තියන් එතනම ගල් වෙලා බලන් හිටියා....

"මං කොහොමද මේක විශ්වාස කරන්නේ...? "

ඔය එක්කමයි කැබින් එකට යුන්ගි ඇතුල් උනේ....

හිස් බිත්තිය දිහා බලාගෙන කනේ ෆෝන් එකත් තියාගෙන ඔහේ බලන් ඉන්න ටේහියුන්ග් ලඟට ගිය යුන්ගි ටේහියුන්ග්ගේ ඇස් ඉස්සරහ අත වැනුවත් ටේහියුන්ග් තවමත් ගල් පිලිමේ වගේ ඇහි පිල්ලම්වත් නොගහා එහෙමම ඉන්නවා....

🐱: හරකෝඕඕඕඕඕ......!!!!! මූට මං....

කියලා ලඟ තිබ්බ ෆයිල් එකක් අතට අර ගත්ත යුන්ගි දෑත බදලා ගැහුව්වේ ටේහියුන්ග්ගේ ඔලු ගෙඩියට......

එක පාරම ඔලුවට ඝංටාරයක් වදිනවා වගේ ෆිලීන්ග් එකක් දැනෙද්දි ටේහියුන්ග් එයාගේ කනේ තිබ්බ ෆෝන් එක එහෙමම බිම අත ඇරියා....

🐯: ඕඕඕ යේඒඒඒඒඒඑ....

🐱: අඩෝ අඩෝ උබ හොඳින් නේ....

යුන්ගි ඔලුවට ගහපු අනිත් පැත්තටම ෆෝන් එක බිම අත ඇරිය ටේහියුන්ග් එතනම පස්ස වන වන නටන්න ගත්තේ යුන්ගි ටේහියුන්ග්ට ගහපු ෆයිල් එක දිහා බලන් ලොකු කෙල ගුලියක් ගිලිද්දි....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now