Drunk tae 🚥(32)

3.9K 654 211
                                    

Company එකේ ඉදන් එලියට ආව ටේහියුන්ග් අවසානේ කෙලින්ම ගිහින් නැවතුනේ ජන්කුක්ගේ ගෙදර දොර ඉස්සරහ....

🐯: ජන්කුක් මේ දොර අරින්න...කිව්වාම සැරයක් අහලා අරින්න....ජන්කුක්...!!!! මගේ යකා අවුස්සන්නේ නැතුව මේ දොර අරිනවා.....!!!!

ජන්කුක්ගේ දොර ඉස්සරහ හිට ගත්ත ටේහියුන්ග්ගේ ලොකුම රාජකාරිය උනේ කවුරුම හරි කෙනෙක් දොර අරිනකන් ඒ දොරට තට්ටු කරන එක....

විනාඩි පහක් ගත උනාත් තවමත් කිසිම කෙනෙක් දොර ඇරියේ නැති උනාත් ටේහියුන්ග් නිකමටවත් ඒ දොර ගාවින් අහකට යන්න එහෙම ලේසියෙන් සූදානම් උනේ නැහැ.....

අතේ තිබ්බ ෆෝර්ම් සෙට් එක තවත් තද කරලා අල්ල ගත්ත ටේහියුන්ග් ආයේමත් කෑගහන ගමන් දොරට වේගෙන් ගගහගෙන ගහගෙන ගියා.....

🐯: මේ දොර කඩන්න කලින් අරිනවා කිව්වාම සැරයක් අහලා.....ජන්කුක් අරිනවා මේ දොර....ජන්ක්-

👸: කියන්න....

ටේහියුන්ග් එයාගේ කෑගැහිල්ල මඟ නතර කර ගත්තේ ඇතුල් පැත්තෙන් දොරේ අගුල් විවර කරන සද්දේට උනාත් ඒ දොරෙන් එලියට ආවේ ටේහියුන්ග් මෙච්චර වෙලා බලාපොරොත්තු උන රුව නම් නෙමෙයි.....

🐯: ආන්ටි මට ඔයා එක්ක කතා කරන්න කිසිම දෙයක් නැහැ....ඒ නිසා මෙතනට ජන්කුක්ට එන්න කියන්න...

👸: ඔයාට බැහැ මෙහෙම අපේ ගෙවල් වලට ඇවිත් තර්ජනේ කරන්න....

🐯: මං තර්ජනේ නෙමෙයි කරේ...තර්ජනේ කියන්නේ මේකට නෙමෙයි...කරුණාකරලා ජන්කුක්ට මේ දැන්ම මෙතනට එන්න කියන්න.....

👸: එයා ගෙදර නැහැ...කියන දෙයක් මට කියලා යන්න පුලුවන්....

🐯: මං ඔයා එක්ක මොනා කතා කරන්නද හ්ම්ම්ම් ? ඔයා නෙමෙයි නේ මට divorce papers එව්වේ.....ඒක නිසා ජන්කුක්ට එන්න කියන්න.....මං දන්නවා ජන්කුක් මේ වේලාවේ ගෙදර ඉන්නේ කියලා....

👸: සැරයක් කිව්වා නේ ටේහියුන්ග් ජන්කුක් ගෙදර නැ-

🐰: ඔම්මා...?

🐯: ජන්කුක් ?

මීරා ආයේම සැරයක් ජන්කුක් ගෙදර නැහැ කියලා කියන්න ගියාත් එයා කියන්න ගිය එක එහෙමම නතර උනේ සුදු පාට දුහුල් ටී.ශර්ට් එකක් එක්ක පොඩි ශොර්ට් එකක් ඇදගෙන හිටපු ජන්කුක් එලියට ආපු නිසා......

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now