"කුකී....මගේ කුකී...මෙන්න නූනා අයිස්ක්‍රීම් ගෙනාවා"

මූනට හිනාවක් අරන් ඔම්මා ගාවින් නැගිටලා මන් කෙලින්ම දිව්වෙ මගෙ චූටී කුකී ගාවට...කුකී ආසයි මින්ට් චොකෝ අයිස් වලට...කුකී....එයාටත් නින්ද ගිහිල්ලද කොහෙද....

"කුකී....මොකද්ද අනේ ඔයයි ඔම්මයි අප්පයි එකතුවෙලා කරන දොයියගන්න සෙල්ලම....මටත් කියලා දෙන්නකෝ....කු...කී....කෝ...හොද කොල්ලා වගේ ඇස් අරින්න...මේ බලන්නකො මන් මොනාද ගෙනාවෙ කියලා...ඔයා කෙළ පෙර පෙර හිටපු අයිස්ක්‍රීම් එක...කුකී හොද ළමයා වගේ මේක කන්නකෝ...ආ....කෝ කට අරින්න...කුකී චෙබාල්....අනේ බලන්නකො ඔයාගෙ අයිස්ක්‍රීම් එකත් දිය වෙනවා...කෝ ඉක්මනට නැගිටින්න.....කුකී අනේ.......ඔයා දන්නවා නූනා බය වෙනවා කියලා...කුකී...."

නී...නෝ....... නී....නෝ......

මගෙ කනට වැටුනෙ ඇම්බියුලන්ස් එහෙක සද්දයක්...ඇම්බියුලන්ස් මොකටද....එයාලට මුකුත් වෙලා නෑ...මේ මාව බය කරන සෙල්ලමක් කරනවා...ඔව් එයාලා හොරාට නිදි වගේ රගපානවා...ඩොක්ටර් අන්කල්ලා මේ හොරගෙඩියන්ට රැවටෙන්න එපා...එයාලට මුකුත් වෙලා නෑ....

එතකොටම ඇම්බියුලන්ස් එකේ හිටපු අය දුවගෙන ඇවිත් ඔම්මවයි අප්පවයි ට්‍රොලි දෙහෙකට දා ගත්තා...මන් තාමත් කුකීව බදාගෙන අයිස්ක්‍රීම් එක කවන්න හදනවා....එතකොටම තව කෙනෙක් ඇවිල්ලා කුකීව අරගෙන ට්‍රොලි එහෙකට දා ගත්තා....

"මගේ කුකීව කොහෙද ගෙනියන්නෙ...අනේ අජුස්සි මගේ කුකීව කොහෙද අරන් යන්නෙ"

මන් පාර දෙවනත් වෙන්න කෑ ගැහුවෙ පිස්සුවෙන් වගේ...මගේ කදුළු මටම පාලනයක් නෑ....මන් පිස්සුවෙන් වගේ අඩ අඩ දුවලා ගිහින් නැග්ගෙ ඔම්මගෙ ඇම්බියුලන්ස් එකට....ඒත් එක්කම හැමදේම කළුවර වුනා විතරයි මට මතක....

මන් නැගිට්ටා....දවස් තුනකට පස්සෙ මන් නැගිට්ටා....මන් ඔම්මයි ඔප්පයි හොයාගෙන ගියා...මට එයාලව හම්බුනා....මන් එයාලා බදාගෙන අඩලා කිව්වා මාව දාලා යන්න එපා කියලා....ඒත් හිස් සොහොන් කොත් දෙකකට මන් කියන ඒවා ඇහෙයිද කියලා මන් දන්නෙ නෑ......මගෙ ජීවිතේ මගෙ ලෝකෙ ඒ හැමදේම එක විනාඩියෙන් මට නැති උනා...මන් කොහොමද දරාගන්නෙ මේ දේවල්

ඒ දේ වෙලා මාස ගාණක් ගෙවුනත් මන් තාමත් හිටපු තැනමයි...සුදු ලිලී මල් පොකුරකුත් අරන් මන් ආවේ මගෙ කුකීව බලන්න....

කුකී එදා ඇක්සිඩන්ට් එකෙන් කෝමා වැටුනා...මන් තාම ජීවත් වෙනවා...පිට ලෝකෙට පේන්න හැමදේම සාමාන්‍ය විදිහට ගත වෙනවා ඒත් මන් ඇතුලෙන් හැම තප්පරයකම ලෝදිය වළක පිච්චෙනවා...මැෂින් ගොඩක් ඇතුලෙ කටු ගොඩකින් හිල් වෙලා පන අදින්නෙ අවුරුදු ද‌ොළ‌හක බෝල ඇස් දෙකක්...මන් කොහොමද දෙයියනේ දරාගන්නෙ...මේ මැෂින් ගොඩ මැද තියන ඒ නිසොල්මන් ශරීරය දකින හැම වෙලාවකම මට මතක් වෙන්නෙ මන් අයිස්ක්‍රීම් ගේනකන් තොලත් ලෙව කකා බලන් හිටපු ඒ බෝල ඇස් දෙක...ඉක්මනට නැගිටින්න කුකී...මේ ලෝකෙ මට ඉතුරු ඔයා විතරයි...මට ජීවත් වෙන්න තියන එකම හේතුවත් ඔයා විතරයි..මන් ඇඩුවා...වැලපුනා හැබැයි තනියම....මන් කොච්චර දුර්වල උනත් කිසිම මනුස්සයෙක් ඉස්සරහා ඒ දුර්වලතා පෙන්නන්න මට ඕනෙ උනේ නෑ...

ම‌ොකද මමයි කූකීග‌ෙ ශක්තිමත් නූනා..මම බලං ඉන්නවා මැණික..ඔය බ‌ෝල ඇස් මට ආය‌ෙ නූනා කියලා කතා කරනකන්....

.

.

.

~By crazyarmygirls~

_________________________________

Vote and comment pls

To be continued~

Without meWhere stories live. Discover now