chapter 8

828 227 8
                                    


@ජන්ග් බන්ගලාව
වසර 2015

ජේහ්‍යුන්ගේ යාලුවාගේ මිනිය බන්ගලාවෙන් හම්බුනාට පස්සේ මරන පරීක්ෂණ කටයුතු නියම උනේ පොලිස් ඔෆිසර් කිම් නම්ජුන් හට..

🐱 ඔෆිසර් ජූන්..

🐨 කියන්න ඔෆිසර් යූන්ගි

බන්ගලාව පුරා අවදානය යොදා හිටිය නම්ජුන් නැවත පියවි සිහියට ආවේ ඔෆිසර් යූන්ගිගේ කටහඩට..

🐱 මරන පරීක්ෂණ වාර්තා අනුව ලිස්සා වැටීම නිසා හිසට සිදු උන හානි හේතුවෙන් මරනයට පත් වෙලා තියෙන්නෙ..

🐨 හ්ම්..එතකොට ජේහ්‍යුන්ග් මොකද කියන්නේ ??

මේ වෙනකොට පොලිසිය සැක පිට ජේහ්‍යුන්ග්ව හිර බාරයට අරන් තිබ්බේ..මොකද මැරුන පුද්ගලයා අන්තිමට ජේහ්‍යුන්ග් එක්ක මේ බන්ගලාවට ආවා කියලා ඇසින් දුටු සාක්ෂි හම්බුනා.

🐱 එයාලා ඇවිල්ලා තියෙන්නේ එයාලගේ පැනලා ගියපු නංගි හොයාගෙන..එයා මෙහෙට කොල්ලා එක්ක ඇවිල්ලා තියෙනවා..එයාල එනකොට ඒ දෙන්නා හිටියේ නෑලු..

🐨 එහෙමද ?? මට ටිකක් මිනිහාව සැකයි වගේ..

එහෙම කියලා නම්ජුන් තමන්ගේ උකුසු ඇස් බන්ගලාව පුරාවට ‍යැව්වා..නම්ජුන්ගේ ඇස් ගිහින් නතර උනේ එක තැනක..ඒ....
සේරිගේ කාමරයට..
එහෙමත් නැත්තන් ජන්ග්කුක් - යූනා හැංගිලා හිටිය කාමරයට..

ඔව් එදා නොදැනුවත්වම ජන්ග්කුක් යූනාවත් ඇදගෙන ආවේ අගුලු දාලා වහලා තිබ්බ සේරිගේ කාමරයට..ජේක් අගුලු දාලා වහලා තිබ්බ සේරිගේ කාමරය ජන්ග්කුක්ටයි යූනාටයි විවෘත උනේ කොහොමද කියන එක අදටත් හොයාගන්න බැරි උන ප්‍රශ්නයක්..

🐨 යූන්ගි මගේ පස්සෙන් එන්න..

ඔෆිසර් යූන්ගිට අන දෙන ගමන් නම්ජුන් ඔහුවත් ඇදගෙන ගියේ සේරිගේ කාමරයට..සේරිගේ කාමරය පුරා ඇස් යැව්ව නම්ජුන් වගේම යූන්ගිට හමු උන දෙයින් යූන්ගි ගැස්සිලා ගියා.

🐱 නම්ජුන් මේ බලන්න

යූන්ගි එහෙම කියන ගමන් කිව්වේ පොලොවේ ගැලවිලා ඉස්සිලා තිබ්බ ලී කෑල්ලේ ගෑවිලා තිබුන ලේ පෙන්නලා..

ඒක දිහා බලපු නම්ජුන් ලේ පැල්ලම වෙතට ලන් වෙලා හිමීට විපරම් කරලා බැලුවා.

🐨 මේ ලේ පැල්ලම අලුත් එකක්..ඒ වගේම මේ කාමරය හොදට බලන්න යූන්ගි..මේ පොලොව හරියේ වෙනසක් පේනවද ඔයාට ??

නම්ජුන් එහෙම අහනකොට යූන්ගි පොලව දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.

🐱 ඔව්..අනිත් වට පිටාවේ ඒවාට වඩා මේ හරියේ ලී ඉස්සිලා තියෙනවා..හරියට කවුරුහරි මේ ලී ගලවලා අරගෙන ආයි හයි කරලා වගේ..

🐨 හ්ම්..ඒක තමා මාත් හිතුවේ..මෙතන ලීය අයින් කරමු...අපේ කට්ටියට කියන්න මේ ලී ටික අයින් කරලා යට පොලොව හාරලා බලන්න කියලා..

🐱 දේ සර්..

යූන්ගි නම්ජුන්ට සැලූට් එකත් ගහලා එතනින් ගිහින් කට්ටිය එක්කන් ඇවිල්ලා පොලොවේ හයි කරලා තියෙන ලී ටික ගලවලා පොලොව යටට හාරන්න පටන් ගත්තා..

නම්ජුන්ගෙත් යූන්ගිගෙත් සැකේ මතු කරමින් පොලොව යටින් හම්බුනේ අවුරුදු ගානක් පරන උන ඇටසැකිලි දෙකක්...වහාම වරෙන්තුවක් නිකුත් කරලා හම්බුන ඇටසැකිලි වල අයිතිකාරය හොයාගන්න DNA පරීක්ෂණ නිකුත් කරා.

එම පරීක්ෂණ වලට අනුව ඇටසැකිලි දෙක අවුරුදු 20කට කලින් නැති උන දෙන්නෙක්ගේ කියලා හොයාගන්න පුලුවන් උනා..ඒ වගේම එක සැකිල්ලක් අවුරුදු 20-22ක කොල්ලෙක්ගේ හා අනිත් සැකිල්ල අවුරුදු 18- 19ක කෙල්ලෙක්ගේ කියලා හොයාගන්න පුලුවන් උනා.

මේ සොයාගැනීම එක්ක ප්‍රධානම සැකය යොමු උනේ බන්ගලාවේ නියම අයිතිකාරයන් වෙතට..නමුත් නම්ජුන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන විටත් දැනගන්න ලැබුනේ ටේහ්‍යුන්ගෙත්, සේරිගෙත් මරන වලට වග කිව යුත්තන් මේ වෙනකොටත් ස්වභාදහම දඩුවම් දී හමාර බවයි.

ටේහ්‍යුන් , සේරි ඝාතනයෙන් පස්සේ බන්ගලාවේ කිසිම කෙනෙක්ට නිදහසේ බන්ගලාවේ ඉන්න හම්බුවෙලා නෑ..හැමදාම රෑට ටේහ්‍යුන්ගෙත් සේරිගෙත් වේදනාබර හඩ, සේරිගේ විලාපය අසන්නට ලැබිලා තියෙනවා..කාමරය තුල පමනක් නොව බන්ගලාව පුරාම අමනුශ්‍ය ආත්මවල සැරි සැරීමත්, එක එක අද්භූත දේවල් සිදුවීමත් නිසා බන්ගලාව අතහැරලා හැමෝම ඊට 1 1/2km පමන ඈතින් තිබෙන බන්ගලාවට ගොස් තිබෙනවා.

ඒත් අවසානයේ සේරි - ටේහ්‍යුන් මරනයෙන් පසු ටික කාලෙකට පස්සේ සේරිගේ ලොකු ඔප්පා , බන්ගලාවේ ලොකු හාමු හදුනා නොගත් රෝගයකින් මිය ගිහින් තිබුනා..අවසානයේ සේරිගේ දෙවැනි ඔප්පා ජේක් අංශභාග තත්ත්වයට වැටිලා දුක් විදලා මිය ගියේ..

මොවුන් දෙදෙනාම පැවසූ එක දෙයක් තිබ්බා..
ඒ...ඔවුන් දෙදෙනාටම මෙහෙම කරේ..
" ටේහ්‍යුන්ගේත් සේරිගේත් ආත්ම බව "


Ghost Lover
නැවත හමුවෙමු ❤️

Ghost Lover 💀❤️ || Completed ||Where stories live. Discover now