chapter 4

879 224 8
                                    

අතීතය......

@වර්ෂ 1995
ජන්ග් බන්ගලාව

සේරි කියන්නේ අයියලා දෙන්නෙකුයි, අක්ක කෙනෙකුයි එක්ක හැදෙන ජන්ග් බන්ගලාවේ චූටි දුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සේරි කියන්නේ අයියලා දෙන්නෙකුයි, අක්ක කෙනෙකුයි එක්ක හැදෙන ජන්ග් බන්ගලාවේ චූටි දුව..අයියලා දෙන්නාගේ නීතී යටතේ හැදෙන අහින්සක කෙල්ලෙක්..සේරිට නිදහස් ජීවිතය, තමන් කැමති දෙයක් කරන්න ඕන කියන එක ජන්ග් බන්ගලාවෙන් තහනම් වෙලා තියෙන්නේ..

කොච්චර ප්‍රශ්න ආවත් සේරිගේ ආදරේ නැවතුනේ බන්ගලාවේ වැඩකරන්න ආපු අජුම්මාගේ පුතා ලග.. කිම් ටේහ්‍යුන් ලග..

ටේහ්‍යුන් කියන්නේ අප්පා නැතිව ඔම්මා එක්ක ජීවත් වෙන දුප්පත් මුරන්ඩු ගති පැවතුම් තියෙන කොල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යුන් කියන්නේ අප්පා නැතිව ඔම්මා එක්ක ජීවත් වෙන දුප්පත් මුරන්ඩු ගති පැවතුම් තියෙන කොල්ලෙක්..ඔම්මා ටේහ්‍යුන්ට උගන්නන්නේ ජන්ග් බන්ගලාවේ වැඩ කරලා...
දුප්පත් උනත් ටේහ්‍යුන් කියන්නේ ගමේ ඉන්න ලස්සනම කොල්ලා.. ඒ රූපෙට ගහන්න කිසිම රූපයක් ගමේ තියා අහල ගම් හතකවත් තිබුනේ නෑ...

සේරි ටේහ්‍යුන්ව දකින්නේ හරිම අහම්බෙන්...
මුලු ගමේම ලස්සනම තරුණිය වෙච්ච සේරිට ගමේ හිතුමනාපෙට ඇවිදින්න නම් අවස්තාවක් ලැබුනේ නෑ..හැබැයි කෙල්ලට එයාගේ ඔන්නි එක්ක එහෙ මෙහෙ යන්න චාන්ස් එකක් තිබ්බා.

ඔන්නි එක්ක එහෙම ගියපු වෙලේක තමයි සේරි බටනලාවක් වාදනය කරගෙන ඉන්න ටේහ්‍යුන්ව දකින්නේ..ඒ රූපේ කිසිම අඩුවක් නැතුව මිහිපිට ඉපදුන සුරදූතයෙක් වගේ ඉන්න ටේහ්‍යුන් දෙවගනක් වගේ ඉන්න සේරිටම කියලා අඹපු පිලිමයක් වගේ..

Ghost Lover 💀❤️ || Completed ||Where stories live. Discover now