ආන්ටි හුස්ම ගත්තෙ නැහැ. ඇත්තටම ඒ පපුවෙ පණ චුට්ටක්වත් තියන බවක් පෙනුනෙ නෑ.. මේ මගෙ දෙවනි ඔම්මානෙ... එයාට මෙහෙම ලේසියෙන් යන්න දෙන්න බෑ.. මට කෑගැහිලා ඇඬුනා..

"පුතේ ඔය දරුවගෙ මූණ චුට්ටක් තෙමලා වතුර ටිකක් පොවන්න.."

ෆිශ් කේක් ශොප් එකේ අංකල් මගෙ දිහාට වතුර බෝතලයක් දික් කරගෙන අනුකම්පා මූණකින් කිව්වම මං වතුර ටිකක් ඉහලා හ්‍යොංගෙ මූණ තෙතමාත්තු කරා..

හ්‍යොං හිමීට ඇස් ඇරියා.. එයාගෙ ඇස්වලට මුලින්ම අහු උනේ ලේ ගල ගලාම ඇම්බියුලන්ස් එක අස්සට දාගන්න ආන්ටි ජියෝව...

"හ්‍යොං.. ඔයාට නැඟිටින්න පුළුවන් ද? අපි හොස්පිට්ල් එකට යන්න ඕනෙ.. ඔම්මව තනියම යවන්න බෑනෙ.."

මට තවත් මොනවත් ම කියන්න නොතියා හ්‍යොං මට වාරුවෙලා අමාරුවෙන් නැගිට්ටා..

"හදිස්සියේ යන්න ඕනෙ නෑ පීටර්.. එයා දැනටමත් නැතිවෙලා..."

නර්ස් කෙනෙක්ගෙ කටහඩට අපි දෙන්නම ආයෙමත් වෙව්ලලා ගියා.. මේ මිනිස්සුන්ට පිස්සුද? එයාලා කොහොමද එහෙම කියන්නෙ... එහෙම ලේසියෙන් මැරිලා යන්න ආන්ටි ඒ තරම් දුර්වල කෙනෙක් නෙවෙයි..

"එයාව එහෙම අතෑරලා දාන්න එපා අනේ ඉක්මනට අරන් යන්න ප්ලීස්..."

මං තියන හයිය සේරම එකතු කරන් නර්ස්ට වැදගෙනම කෑගගහා ඇඬුවා..

හ්‍යොං ඒ මුළු වෙලාවෙම හිටියෙ කොහෙදෝ ඈතක ඇස් අතරමං කරගෙන. එයාගෙ ඇස්වල එක කදුළු බිංදුවක්වත් තිබුනෙ නෑ.. එයාගෙ මේ හදිස්සි හැසිරීම මාව තවත් බය කලා...

"මෙතනම ඉන්න රත්තරනේ මං කා එක අරන් ඉක්මනට එන්නම්.."

ඇම්බියුලන්ස් එක පිටත් උනාට පස්සෙ මම හ්‍යොංව ෆිශ් කේක් ශොප් එකට එක්කන් ගිහින් පුටුවකින් ඉන්දවලා මූණ දෝතටම අරන් නලල චුට්ටක් ඉබලා පරිස්සමට ඔලුව අතගාන ගමන් කිව්වා.. එයාගෙ ඇස්පිල්ලමක හෙලවීමක්වත් නෑ...

"අනේ මෙයාව ටිකක් බලාගන්න අජුශී.. මං ඉක්මනට එනවා.."

ශොප් එකේ අංකල්ට හ්‍යොංව බාර දිලා මං එක හුස්මට පාරට දිව්වා.. ආන්ටි හොදින් ඇති කුකී... එයාට බෑ එහෙම ලේසියෙන් අපිව දාලා යන්න.. එයා හුඟක් හිත හයිය කෙනෙක්නෙ. ඉතිං මෙච්චරකල් වෙච්ච සේරම දරාගෙන හිටපු එකේ එයාට මේ දේ මොකක්ද... එයා අල්ලගෙන ඉදී.. එයාට පුළුවන්.. හැමදේම හොදින් වෙයි..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now