ඉදිකටුවක් බිම වැවුනත් ඇහෙන තරම් නිශ්ශබ්ද ගෙදර සෝෆාව උඩට වෙලා හිටිය ඔකී ගොඩ වෙලාවක ඉදන් කල්පානා කලේ මං ඒ පොත් කියවනවද නැද්ද කියල .
යුන්ගි ඔකීව දාල ගිහින් මාස 4කටත් වැඩි වෙලා ඒත් ඔකි තාමත් ඒ පොත දිහා බලාගෙන ඉන්නව .
ඔකී මේක යුන්ගිගේ එයා නැති වෙනකොට මේක එයාගේ අතේ තිබ්බා .
එයා යුන්ගිගේ ෆියුනරල් එකට ආපු වෙලාවෙ යුන්ගිගේ දින පොත ජේ ඔකීගෙ අතට දුන්නා.
යුන්ගි නැති උනාට පස්සේ ඔකීගේ ජිවිතේ ගොඩක් වෙනස් උනා . හරියටම කිව්වොත් ඔකි වෙනස් උනා . ඔකීගේ ජිවිතේ අදුරු පාලු ජිවිතයක් උනා . ඒක ඔකී උවමනාවෙන්ම කරගත්ත දෙයක් . යුන්ගි නැති උනාට පස්සේ ඔකී එක දවසක් වත් හොස්පිටල් ගියේ නෑ . කොටින්ම ඔකී ගෙදරින් එලියටවත් බැස්සේ නෑ . ඔකි එයාගෙ පුතාල දෙන්න එක්ක තනියම ජීවත් උනා . ඔකී විහින්ම අදුරුකරගත්ත ලෝකෙට පොඩි හරි එලියක් ගෙනාවේ ji hoයි ji huයි . ඒ දෙන්න ඔකීගේ මුලු ජීවිතේම .
මේසෙ උඩ තිබ්බ යුන්ගිගේ ෆොටෝ එක දිහා බලාගෙන හිටිය ඔකී සද්දෙන් උඩට ඇදල ගත්ත හුස්ම පහට දාල යුන්ගිගේ ඩයරි එක අතට ගත්තා.
ඔකී
ඩයරි එකට යුන්ගි නම දාල තිබ්බේ ඔකී කියල . ඩයරියක් උනත් ඒකෙ තිබ්බේ එක එක අසම්පූර්ණ සටහන් .
එක එක පද පිලිවෙලට ගලපල ලියල තිබ්බ සින්දු හැම එකකින්ම කියවුනේ ඔකී ගැන .
යුන්ගි ඔකීගේ ආදරේ වෙනුවෙන් ගොඩක් බලන් හිටිය හැටි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටිය හැටි ඔකීට ළං වෙන්න බය වෙලා ඈත ඉදන් ඔකි දිහා බලාගෙන හිටිය වීදිහ , ආදරේ හිතේ තියාගෙන යාලුවෙක් වගේ ළගට වෙලා හිටිය විදිහ ,
තැන් තැන් වල තිබ්බ පද පේලි හැම එකකම තිබ්බේ ඔකී වෙනුවෙන් යුන්ගිගේ හිතේ තිබ්බ ආදරේ අකුරු කරල .
යුන්ගි ගොඩක් වෙලාවට කලේ ඔකී දිහා බලාගෙන හිටපු එක . ළග ඉන්නකොට වගේම ඔකි නම්ජූන් එක්ක ඉන්නකොට පවා යුන්ගි ඔකී දිහා බලාගෙන හිටියා .
මටත් ඔයාගේ අතින් අල්ලන් ඇවිදන් යන්න ඔන්නෙ ,
ඒක ආත්මාර්ථකාමී ප්‍රාර්ථනාවක් උනත් යුන්ගි හැමදාම ප්‍රාර්ථනා කලා ඔකී එයාගේ වෙන්න කියල .
![Closer 💕⚠️️[ Complete ]](https://img.wattpad.com/cover/288066474-64-k1769.jpg)