# chapter 19

825 207 41
                                    

මොනවද ලියන්නේ

කෙල්ලෙක් ගැන

ඔහ් රියලි වයිෆ්ව එහා පැත්තෙන් තියාගෙන වෙන කෙල්ලො ගැන ලියනවද

යුන්ගිගේ උරහිසට හේත්තු වෙලා හිටිය ඔකී යුන්ගිගේ කකුල හයියෙන් පාරක් ගැහුවේ විහිලුවට.

ආව්ව්ව්... ලෙඩ්ඩුන්ට මෙහෙම ගහනවද ඩොක්ටර්ස්ල

නෑ ඒ උනාට වයිෆ් හස්බන්ට ගහනව මෙහෙම

යුන්ගිගේ උරහිසට බර වෙලා නොදැනිම නින්ද ගිහින් හිටිය ඔකි නැගිට්ටේ යුන්ගිගේ පැන්සල පොතේ වදින සද්දෙට

කොහෙද යන්නේ

මට තව ටිකින් වෝඩ් එකට යන්න තියෙනවා යුන්ගි

තව පොඩ්ඩක් ඔහොම ඉන්න

නැගිටල යන්න හදපු ඔකීව අතින් අල්ලලා නවත්තගත්ත යුන්ගි ඔකීව තුරුල් කරගත්තා .



යුන්ගි ගොඩක් ශක්තියමත් කෙනෙක් ඒ හැමෝම හිතුවට වඩා එයා ගොඩක් ශක්තිමත් කෙනෙක් . එයාට තව ටික කාලයයි තියෙන්නේ හැමෝම එහෙම කියද්දි ඒ ටික කාලෙත් පහු කරන් යුන්ගි ඉස්සරහට ගියා. ඔකී යුන්ගි ගාවින්ම හිටිය . ජිවිතේ අවසාන කාලේ උනත් යුන්ගි හිටියේ ගොඩක් සතුටින් අහම්බෙන් හම්බ උන එයාගේ ආදරේ ,  එයාගේ අන්තිම කාලේ එයාව තනි නොකර එයාගාවින්ම ඉන්නව . ගොඩක් ආදරෙන්. ඔකීගේ ආදරේ යුන්ගිව සතුටින් තිබ්බා .

හොස්පිටල් එකේ යුන්ගිගේ ඇදේම එයාගේ කොට්ටේ ඔලුව තියන් එයාගේ මූන දිහා බලාගෙන ඉන්න ඔකී යුන්ගිගේ එකම සතුට උනා.


ඒයි කවුරු හරි එයි

යුන්ගිගේ හාදුවෙන් ඈත් ඔකී දගලන ගමන් යුන්ගිව පස්සට කලා.

ඉතින් මං කිස් කලේ මගෙ වයිෆ්වනේ

කටනම් තියෙනවා

හ්ම්ම්.. එක්ස්කියුස්මී මං ඇතුලට එනවා

ඔයා දැනටමත් ඇතුලේනේ ජන්කුක් ඉන්නේ

මං මොකුත් දැක්කෙ නෑ ,
ඔය ඇද තියෙන්නේ පේශනන්ස්ලට නැතුව ඩොක්ටර්ස්ලට පේශනන්ස්ලත් එක්ක නිදාගන්න නෙවෙයි
ජන්කුක් යුන්ගිගේ පැත්ත හැරිල ඇහැක් ගහන ගමන් කිව්වා.

Closer 💕⚠️️[ Complete ]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ