# chapter 18

830 196 48
                                    

වීල්චෙයාර් එක තල්ලු කරන් හොස්පිටල් එකේ කොරිඩෝ එක දිගේ හෙමින් සැරේ ඉස්සරහට යන ඔකී දිහා වගේම යුන්ගි දිහා ඒ දෙන්නව දකින හැමෝම වගේම ආයෙත් පාරක් හැරිල බැලුවේ එයාල කොහොමද මෙහෙම හිනා වෙවී සතුටින් ඉන්නෙ කියල හිතන ගමන්

හයියෙන් හිනාවෙවී හෙමින් හෙමින් ඉස්සරහට යන ඩොක්ටර් ඔකීයි යුන්ගි එයාලගේ පොඩි කාලේ ගැන මතක් කරන ගමන් ඉර බහිනව බලන්න යන්න හොස්පිටල් එකේ ගාර්ඩ්න් එකටයනගමන් හිටියේ .

ඩොක්ටර් ඔකී... ඔහොම ඉන්න..

එක පාරට ජිමින් කෑ ගහන සද්දේ ඇහුන නිසා ඔකී පිටිපස්ස හැරුනහම දැක්කේ කොරිඩෝ එක දිගේ හති දාගෙන එන ජිමින්ව

අ.හ්.. අහ් .. මේක එයාට දාන්න එලිය සීතලයි
හති අරින ගමන් ජිමින් ඔකී අතට දුන්නේ බ්ලැන්කට් එකක් .

තැන්ක් යු ජිමිනී .

යුන්ගිට බ්ලැන්කට් එක පෙරෙව්ව ඔකී හෙමින් හෙමින් වීල් චෙයාර් එකත් තල්ලු කරන් එලියට ආවා .

මුලු අහසම තැබිලි පාටට හරිල තිබ්බා . ගිනි බෝලයක් වගේ ඉර රතුම රතු පාටින් දිලිසෙනවා.

තව දවසක් ඉවර වෙනවා
ඔකී බිදුනු හුස්ම පහලට දැම්ම .

යුන්ගි ඔයාට මතකද අපි දෙන්න පරන තොක්බොකි වගයක් කාල බඩේ අමාරුවක් හදාගත්ත දවස

අහ් කොහොම අමතක කරන්නද
ඔයා තමා කිව්වේ දවසක් පරන උනාට මොකුත් වෙන්නෙ නෑ කියල . මට තාම හිතාගන්න බෑ මම ඒ කාලෙ ඉදන්ම ඔයාගෙ මෝඩ වැඩ වලට උදවු කලා කියල .

අපරාදේ අපි ලොකු උනේ කියල ඔයාට හිතෙන්නෙ නැද්ද
ඒ කලේ කොච්චර ශෝක්ද , අපිට හැමදාම එහෙම ඉන්න පුළුවන් උනානම් කොච්චර හොදද , 

අපි ඒ කාලෙ හිතුවෙ ඉක්මනට ලොකු උනානම් කියල . ඒත් එදා නිකමට හරි දැනගත්තනම් ලොකු උනහමඅපිට  මෙහෙම වෙයි කියල මම කවදාවත් ඉක්මනට ලොකු වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නේ නෑ ඔකී.

හ්ම්... මේක අපිට නවතන්න පුළුවන් දෙයක් නෙවෙයි

ඔකී හිටියේ ටික ටික පේන්නෙ නැතුව යන ඉර දිහා බලාගෙන .

Closer 💕⚠️️[ Complete ]Where stories live. Discover now