chapter #14

895 205 19
                                    

එපා......



දැක්ක නරක හීනෙ නිසා ඔකී එක පාරටම එයාගෙ ඇස් දෙක ඇරියා . ඔකීට තේරුනා එයාගෙ ඇගම දාඩියට ඇලිල ගිහින් කියල .

අහ් නරක හීනයක්
එයාටම කියාගත්ත ඔකී ආයෙත් ඇස් දෙක පියාගත්තේ නිදාගන්න හිතාගෙන . ඒත් ඒ නින්ද වැඩි වෙලාවක් තිබ්බෙ නෑ .විඩෙන් විඩේ වයිබ්‍රේට් වෙන ෆෝන් එක ඔකීට නිදාගන්න දුන්නෙම නෑ . කලුවරේම වටේම අතගාල ෆෝන් එක අතට ගත්ත ඔකීගේ ඇස් උඩ ගියේ කෝල් එක කාගෙන්ද කියල දැකල .



නම්ජූන් ...







නම්ජූන් නැගිටින්න ඔයාට කෝල් එකක්

කාගෙන්ද
ඔකීට එහාපැත්තේ නිදාගෙන හිටිය නම්ජූන් නිදිමතේම කියවන්න ගත්තා .

Wife
ඔකී දුන්නෙ කෙටි උත්තරයක් .

නම්ජූන් ජෙසිකාගෙ නම්බර් එක සේව් කරන් හිටියේ wife කියල . ඒක දකින දකින ගානේ ඔකිට වචන වලට පෙරලන්න තේරෙන්නේ නැති හිස් හැගීමක් දැනෙන්න ගත්තා.


අශ්ශ්.. ඕක කට් කරල දාන්න

ඒත් නම්ජූන් මිස් කෝල් 10 වැඩී

කමක් නෑ

මොකුත් නොකියා ෆෝන් එක ඇද උඩින් තිබ්බ ඔකී නැගිටල ඇදෙන් ඉදගත්තේ වොශ් එකක් දාන්න යන්න  .

කොහෙද යන්න හදන්නේ
කලුවරේ උනත් ඔකී ඇදේ ඉදගෙන ඉන්නෙ කියල නම්ජූන් දැක්ක .

වොශ් දාන්න

යන්න පුළුවන්ද

ඔව් පුළුවන්
ඔකී කිව්වත් ඔකී දන්නව එයාට යන්න බෑ කියල . ඒත් මේ වෙලාවෙ නම්ජූන්ගෙ උදවු ඕනෙ නෑ කියල ඔකීට හිතුනා .

මෙන්න මෙහෙ එනව තාම පාන්දර 3යි

ඇදේ ඉදගෙන ඉන්න ඔකීව නම්ජූන් එයාගෙ තුරුලට ඇදල අරගත්තා .

අත අරින්න මට දාඩියයි . වොශ් දාගන්න ඕනේ . නින්ද යන්නේ නෑ
ඔකී නම්ජූන්ගෙ අත් වලින් ගැලවිලා යන්න දගලුවා.

තරහ ගියාද
නම්ජූන් එයාගේ ලොකු අත් වලට ඔකීව හිරකරගත්තේ ඔකීට තවත් හෙල්ලෙන්නවත් බැරි කරල .


Closer 💕⚠️️[ Complete ]Where stories live. Discover now