chapter #8

1K 198 34
                                    

ඔකී නම්ජූන්ට යන්න දුන්න. ආයෙත් එනව කියල පොරොන්දුවක් දීල ගියත් නම්ජූන් ආයෙත් එයාගාවට එන්නෙ නෑ කියල ඔකීගෙ හිත කිව්වා. සිවිලිම දිහ බලාගෙන ඔකී එයාගේ කදුලු වලට ගලාගෙන යන්න ඉඩ දුන්නා. අවුරුදු 5ක් ගියා ජූනී ඔයාගැන මගෙ හිතේ ආදරයක් ඇති වෙන්න . ඒත් එත්කොට මම පරක්කුයි නේද . මට සමාවෙන්න . අවුරුදු 5ක් මම ඔයාගේ ආදරේ , ඔයාගේ ලස්සන හීන එක්ක කලේ සෙල්ලමක් මට ඒකට දඩුවම් ලැබුනා . මට සමාවෙන්න . ඔයාගැන මගෙ හිතේ ඇතුවුන මේ ආදරේ හැමදාටම මගෙ ගාව තියේවි . හැමදාටම. මගෙ පලවෙනි ආදරේ . ඔයා ආයේ එන්නේ නෑ කියල මම දන්නවා ඒත් මම බලාගෙන ඉන්නවා. පරිස්සම් ඉන්න . ඔකීට මේ දේවල් නම්ජූන්ට කියන්න ඕනේවුන ඒත් ඒ වෙනකොට ඔකී පරක්කුයි .

ඔකී දන්නේ නෑ එයා කොච්චර වෙලා ඇඩුවද කියල එයා එයාගේ හිත හැදෙනකම් ඇඩුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔකී දන්නේ නෑ එයා කොච්චර වෙලා ඇඩුවද කියල එයා එයාගේ හිත හැදෙනකම් ඇඩුවා. අඩල අඩලා හෙම්බත් උනහම ඔකී හිත හදාගත්තා. වොශ් දාගෙන ඇවිත් කබර්ඩ් එක ඇරියේ  හොස්පිටල් යන්න ලෑස්ති වෙන්න. ඔකී දුක හිතුනහම කරන්නේ වැඩ වලට බිසී වෙන එක එත්කොට එයාට ඒ දේවල් ගැන කල්පනා කරන්න වෙලාවක් නැති නිසා. කබඩි එක ඇරියහම දැක්කේ ඒක පුරවල තිබ්බ එයාගේ ඇදුම් . සපත්තු ,බෑග්ස් , ඔලුවත් අල්ලන් ආයෙත් ඔකී බිම ඉදගත්තා.

මම කොහොමද නම්ජූන් මේ දේවල් දිහා බලන්නේවත් . මේ හැමදේකම තියෙන්නෙ ඔයාගෙ මතකනේ.

නම්ජූන් කැමතිම දේ ඔකීට එක එක දේවල් අරන් දෙන එක ඇවිදින්න එක්කන් යන එක දෙන්නම කොච්චර බිසී උනත් නම්ජූන් පොඩි ඉඩක් හරි හදන් හොරෙන්ම ඔකීවත් ඇදගෙන ඇවිදින්න ගියා . ශොපින් ගියා. ඔකී ඇන්ද ඇදුමේ ඉදන් පාවිච්චි කරපු ෆෝන් එක පවා නම්ජූන් අරන් දුන්න දේවල් . ඇදුම් ගන්න , තෝරන්න ඔකීට මේ දේවල් වලට වෙලාවක් තිබ්බේ නෑ වගේම එයා කම්මැලි ඒත් නම්ජූන්ට ඕනේ කලා ඔකීව ලස්සනට තියන්න . නම්ජූන්ගෙ මේ ආදරේ ඔකීව අවුරුදු 5ක් නම්ජූන් ගාව තියාගත්තත් ඔකි නම්ජූන්ට ආදරේ කරන්න පටන් ගන්නකොට එයා පරක්කුයි . ඔකීට දඩුවම් ලැබුනා .





Closer 💕⚠️️[ Complete ]Where stories live. Discover now