# chapter 17

742 194 15
                                    

5 month letar

ඔකී ....

හ්ම්ම්ම්ම් ...

යුන්ගි හිටියේ ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා පොතක් කියව කියව හිටිය ඔකීගේ උරහිසට හේත්තු වෙලා . යුන්ගි හිටියේ උත්තර නැති විසදුම් නැති ප්‍රශ්න ගොඩකට හිර වෙලා ගෙවුන පැයම වගේ ඔකීගෙ උරහිසට හේත්තු වෙලා ඉවරයක් නැති විසදුමක් නැති තව තවත් පැටලෙන ප්‍රශ්න වලට උත්තර හොයන ගමන් .

යුන්ගිගේන් ආයෙත් කතාවක් නැති නිසා ඔකී පොත පැත්තකින් තියලා යුන්ගි දිහාවට හැරුනා .

යුන්ගි මොකක්ද ප්‍රශ්නේ ...

අහ්හ් මොකුත් නෑ

ඒයි මෝඩයා බොරු කියන්න එපා .

අපි තව බබෙක් හැදුවොත් එයාලත් twinල වෙයිද කියල කල්පනාකලේ

යනව යන්න මෝඩයා බොරු කියනව .
ළග තිබ්බ පොතෙන් යුන්ගිගේ ඔලුවට ගැහුව ඔකී එතනින් යන්න නැගිට්ටත් යුන්ගි ඔකීව එයාගෙ තුරුලට ඇදල ගත්තා.

අත අරින්න මට යන්න දෙන්න යුන්ගි .
ඔකී යුන්ගිගේ අතින් ගැලවෙන්න දැගලුවත් යුන්ගි තව තව ඔකීව එයාට තුරුල් කරගත්තා .

ශ්ශ්ශ්... ඔකී මේ බලන්නකෝ කෝ මේ මගෙ දිහා බලන්නකො දන්නවද
ඔයා තාමත් ඉස්සර වගේම ලස්සනයි හිටියටත් වඩා ලස්සනයි දැන් . ඔයා ගොඩක් ලස්සනයි .

ඕක නවත්තන්න අනේ
යුන්ගි කියපු දේවල් වලට චෙරි ගෙඩියක් තරම් රතු උන ඔකී ලැජ්ජව යුන්ගිගේ උරහිසේ ඔලුව හංගගත්තා.

ඔකීගෙ ඔලුවටම එයාගෙ ඔලුව ඇලකරල තියාගත්ත යුන්ගි එහෙම්මම ඇස් දෙක පියාගෙන ඔකීව එයාට තුරුල් කරගත්තා .
හැමදාම මෙහෙම ඉන්න ඕනේ මට, ඔයාගෙ ගාවින් එන මේ කිරි සුවද මම ඒකට ගොඩක් ආසයි ඔකී .

අපි හැමදාම මෙහෙම ඉන්නව යුන්ගි හැමදාම මම පොරොන්දු වෙනවා ඇස්වලින් කදුලු කඩාගෙන වැටෙද්දී ඔකී පුළුවන් තරම් එයාගේ කදුලු නවත්තගන්න උත්සාහ කලා.

ඔකී මට පොරොන්දුවක් වෙනවද ,
  

එපා යුන්ගි තවත් පොරොන්දු ඕනේ නෑ මේ මාස ගානට  මම ඔයාට පොරොන්දු 1000කට වඩා දීල ඇති . ඔයාට මොකුත් වෙන්නේ නෑ මාත් එක්ක ඔයා හැමදාම ඉන්නව අර දෙන්න ලොකු වෙන දිහා අපි දෙන්නම බලන් ඉන්නව . අපි දෙන්නම . ආයෙත් මගෙන් පොරොන්දු ඉල්ලන්න එපා .
ඔයා මට පොරොන්දු වෙන්න මාව දාල යන්නේ නෑ කියල
කෑ ගහල අඩන්න ඕනේ වෙලාවක් උනත් කදුලු වලට ඔහේ ගලාගෙන යන්න දුන්න ඔකී බොරු තරහක් මවාගෙන යුන්ගිට ඔරවන්න ගත්තා .

Closer 💕⚠️️[ Complete ]Kde žijí příběhy. Začni objevovat