Truth revealed 🤡 (14)

Start from the beginning
                                    

එත් කොච්චර සුද්ද කරත් කාමරේ ඇතුලේ තිබ්බ අර පුස් ගඳ නම් mrs.jeon ගේ air freshener වලටවත් ගියේ නැහැ....

👸: අහ්ම්ම්ම්ම් දැන් යමූ bathroom එකට......

මුලු කාමරේ දිහාම තව එක වතාවක් බැලුව mrs.jeon ලොකු හුස්මක් පිට කරන ගමන් එහෙම කියලා ඊලඟට යන්න ලෑස්ති උනේ ජන්කුක්ගේ කාමරේම තිබ්බ bathroom එකට.....

නමුත් mrs.jeon ඒ ගත්ත තීරණේ හරි එකක් ද වැරදි දෙයක් ද කියලා කියන්න එයාට ඇත්තටම ඒ ගැන කිසිම අදහසක් නැහැ.....

හිමින් bathroom එකේ දොර ඇරපු mrs.jeon කලුවර වෙලා තිබ්බ bathroom එකේ switch එක හොයලා හොයලා අවසානේ ඒක ඔන් කරා....

👸: මගේ දෙයියනේ මේ මොකද මේ...?

අයේම තමන්ට මුමුන ගත්ත mrs.jeon දැක්කේ bathroom එකේ මැද්දෙම දිගට බැදලා තියෙන රෙදි වැලේ එල්ලලා තියෙන පාට පාට underwears ටිකයි.......

රෙදි වැල තියෙන හරියට ගිහින් underwears ටික අල්ලලා බැලුව mrs.jeon දැක්කේ ඒවා තාමාත් තෙත පිටින් තියෙන්නෙ කියලා.....

හතරවටේ ඔලුව කැරකුව mrs.jeon ඒ වේලාවෙයි දැක්කේ shower එක යට හයි කරලා තියෙන පොඩි ටැප් එක ලඟ ලොකු රෙදි බේසමක් තියෙනවා කියලා.......

කුතුහලය කියන දේ උපරිම මට්ටමට ඇවිත් හිටිය mrs.jeonගේ හිත ඉබේම වගේ එයාට රෙදි බේසම ලඟට යන්නත් බල කලා....

හිතට එකඟ උන mrs.jeon අවසානේ එතනට ගියාත් කකුල් වලට ඉස්සෙල්ලා අත ඉක්මන් වෙලා නහය වහා ගත්තේ ඒ බේසම ඇතුලින් ආපු දරා ගන්න බැරි ගඳ ඉවස ගන්න බැරුව....

පෙනුමෙන් නම් දවස් හතරක් විතර සබන් එක්ක පල් වෙච්ච වතුර තමා එකේ තිබ්බේ.....ඒ මදිවට ඒකට ඇඳුමුත් දාලා ජාඩි වෙන්න.....

👸: හම්මා මේකෙන් නේ මේ පල් ගඳ එන්නේ...අච්චර හොඳ වොශින් මැෂින් එකක් තියාගෙන මේකා මොකද bathroom එක laundry එකක් කරගෙන තියෙන්නෙ? අයිශ් කවදා පුරුදු උනාද මන්දා bathroom එකේ රෙදි සෝදන්න....

එහෙම කිව්ව mrs.jeon bathroom එක පිරිසිදු කිරිම මදකට පස්සට දාන ගමන් නහයත් වහගෙන රෙදි බේසමේ ඇඳුම් එකින් එක එලියට ගත්තා....

මුලින් mrs.jeonගේ අතට අහු උනේ සුදු පාට shirt එකක්....දෙවනි පාර මේස් කකුලක් අහු වෙද්දි තුන් වෙනි පාර mrs.jeon ගේ අතට ආවේ ලා රෝස පාට බ්ලව්ස් එකක්....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now