♡ සතුටු හිතෙන කාලයක්...

Zacznij od początku
                                    

හොබී කෑගහද්දි චෝහි හොරෙන් යුන්ගි දිහා බැලුවා..ඒ කෙල්ලට හරියට කතා කරන්න තියා හිටගන්නවත් බැරි වුනාට කරන කරන හැම වැඩේටම ඔම්මා කෑගහද්දි යුන්ගිව අල්ලල දෙන පුරුද්දක් තිබ්බා.. 

" අයිගෝ හරි හරි බබා මම අස් කරන්නම් ඉතින්..ඕකට කෑගහන්න ඕනි නෑනෙ.." 

යුන්ගි හොබීගෙ ලගින් දන ගහගෙන හොබීගෙ තොල් වලින් හාදුවක් තැවරුවා..

" අ..ප්..පා.."

චෝහි යුන්ගි දිහාවට අත් දෙක දිගෑරලා කිව්වෙ එයාව වඩාගන්න කියලා.. යුන්ගි චෝහිවත් උකුලෙන් ඉන්දවගෙන හොබීගෙ යන්තම් ඉදිමුනු කකුල් හුගක් හිමින් පිරිමැද්දා..හොබී ඒකට අකමැත්තෙන් කකුල් අහකට ගත්තත් යුන්ගි ආයෙම හොබීගෙ කකුල ඇදල අරගෙන එයාගෙ ලගට කරගත්තා..

" බ..බා.."

හොබී චෝහිගෙ ඇහැකට වැටුනු කොන්ඩ කෑලි කීපය අතින් දෙපැත්තට කරද්දි චෝගි එයාගෙ සිනිදු පුංචි ඇගිලි වලින් හොබීගෙ ඇගිල්ලක් අල්ලගත්තා.. හොබීගෙ මූනෙ හිනාව හරිම එලියයි..

" එහ්.. බබා නෙමෙයි චෝහී.. එයා 'ඔම්මා..."

යුන්ගි චෝහිට සැර කලා..

" අනී..බබා.."

" යාහ්.. 'ඔම්මා'.. හරියට කියන්න.."

" බ..බා.."

" මේ චෝහිනම් හරිම මුරන්ඩුයි.. ඔම්ම වගේ වෙන්න එපා ඔයත්.."

යුන්ගි චෝහිට කියලා තරහවෙලා වගේ අහක බලාගත්තා..

" මොකක්ද කිව්වෙ...මටද මුරන්ඩුයි කිව්වෙ අහ්..? "

" කෝ .. නෑ පිස්සුද.. මේහ්.. "

" ඇයි චෝහිට තව ඔම්මලා ඉන්නවද..?"

හොබී යුන්ගිව විහිලුවකට අරගෙන හිටියත් යුන්ගි හිතුවෙ හොබීට ඇත්තටම කේන්ති ගිහිල්ලා කියලයි..

" ඉතින් ඇත්තනෙ..ඔයා මුරන්ඩු නැද්ද..? හා කියන්න බලන්න "

" අනේ මේ යුන්ගි මගෙන් අහගන්න එපා ඉතින් කවුද මුරන්ඩු කියල.."

" කෝ කියන්න බලන්න මම අහන් ඉන්න.."

" කියන්නෙ නැ!!!!!"

RED JASPER | SOPE | COMPLETEDOpowieści tętniące życiem. Odkryj je teraz