හොබී තරමක් වෙලා හොඳටම ඇඬුවා.. ඇස් රතු පාට වෙනකම්ම.. සීතල දැනෙනකම්.. ඉකි වැටනකම්.. එතකොට හොබී ට දුක අඩු වෙනව වෙනුවට වුණේ තව ටිකක් රිදුන එක..
යුන්ගි වෙනදා වගේ එදා හොබී ළඟට ආවේ නෑ කියල මතක් වුණාම හොබී ආයේ ආයේ ඇඬුවා.. කාට කියන්නද, මොනවද වුණේ කියලවත් හොබී දන්නෙ නෑ... හොබී ට ජීවිතේ ගැන ගැඹුරට අත්දැකීම් නෑ.. කාලෙකට ඉස්සර මූණ දීපු මතක් වෙන්න අකැමැති දේවල් ටිකක් ඇරෙන්න හොබී මොකුත්ම දැනගෙන හිටියේ නෑ.. හොබී තවම හුඟක් පොඩියි.. දුකක් දැනුනා වුණත් එහෙම වෙලාවක හැසිරෙන විඳිය වත් හොබී දන්නෙ නෑ..
හොබී බිමට අත් දෙක තියලා අපහසුවෙන් නැගිටලා ගිහින් ඇඳෙන් ඉඳ ගත්තා..
ඇඳේ කොනකට කකුල් දෙක ලං කරන් ගුලි වුණු හොබී ඔලුවේ ඇතුලෙන් දැනෙන වේදනාව නිසා ඇස් තදින් පියා ගත්තා.. ඒත් තවමත් ඒ ඇස් වලින් එක දිගට කඳුළු ගලාගෙන යනවා.. කැපුම් පාර නිසා අත දිගේ වෙලාවකට කලින් වේලුනු ලේ පාරවල් ඇදුමෙ තැනින් තැන පැල්ලම් ඉතුරු කරලා තිබුණා..
හොබී ට කඳුළු පාරවල් නවත්තන්න ඕන නිසාම අත් දෙකින් තදින් මූණ පිහිදැම්ම වුණත් අතේ ලේ පාරවල් කඳුළු එක්ක මූණ පුරා ලේ පැල්ලම් ඉතුරු කරා.. හොබී හැසිරෙන්නෙ හරියට පිස්සුවෙන් වගේ.. දකින ඕනම කෙනෙක්ට හිතෙන්නෙ එහෙම..
හොබී ඔලුව උස්සල දොර දිහා බැලුවේ දොර අගුල කැරකෙන සද්දෙ එක්ක.. හොබී හොඳටම දන්නව ඒ යුන්ගි බව.. ඒත් දැන් යුන්ගි ට මූණ දෙන්න තරම් හොබී ට හොඳ මානසිකත්වයක් තිබුනේ නෑ.. ඒ නිසා වුණේ ආයේ ආයේ හොබී ගෙ රෝස වුණු මූණ දිගේ තව තව කඳුළු පාරවල් ගලන් ගිය එක.. හොබී ඉක්මනින් කකුල් ලං කරගෙන මූණ හංගන් ඇඳ කොනේ ගුලි වුණා..
යුන්ගි දැක්කෙ හොබී ඇඳ කොණට වෙලා අඬ අඬ ඉන්නව.. ඇත්තටම යුන්ගි ට එන්න වෙලා ගියා නෙමෙයි හොබී මේ වෙලාවක් වෙනකම් දොර ට හෙත්තු වෙලා හිටිය නිසයි යුන්ගි ට ඇතුලට එන්න බැරි වුණේ..
ඒක හොබී කලින් හිටිය කාමරේ නිසා හොබී ගෙ ඇදුම් පැළදුම් තවම අල්මාරි වල තියලා වගේම කැඩපත ඉස්සරහට එහෙ මෙහෙ දාපු මුතු වැල් කීපයක්, පරවුණ මල් කීපයක් යුන්ගි ගෙ ඇහැට අහු වුණා..
YOU ARE READING
RED JASPER | SOPE | COMPLETED
Fanfiction"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගටම ආයෙ ඔයා ලගටම ඒවි.. ඔයාට මහන්සි වුනත් ඔයා මාව ලගට අරගෙන මගේ කොන්ඩෙ අවුල් කරයි.. ඊට පස්සෙ මාව සිපගනි...