♡ සකුරා මල් අත්ත...

276 93 17
                                    

හවස් වෙලා ගෙදරට ආවා විතරයි මහන්සි ගතියට හොබී එහෙමම පුටුවකට බර වුණා.. යුන්ගි පාවහන් ගලවලා හොබී තැන තැන දාලා ගිය පාවහනුත් පිලිවෙලට තියලා ගෙට යද්දී දැක්කෙ හොබී ඔහේ වැටිලා ඇස් දෙකත් පියන් ඉන්නවා..

' ඔය කම්මැලි ඔමේගා.. දෙකක් දෙන්න කලින් ගිහින් පිරිසිදු වෙලා එන්න.. කෝ කෝ යන්න..'

යුන්ගි හොබී ගෙ කොන්ඩේ අවුල් කරන ගමන් කිව්වා...

' අනේ ඉන්නකො ටිකක්...'

' මෙන්න මෙහෙ එන්න නාන්න යන්න.. පුදුම කම්මැලි කමක් මේක‍..'

යුන්ගි හොබී වත් උස්සගෙන පිටිපස්සෙ දොර ඇරගෙන එළියට ගියා..

' යාආආආ... පිස්සු ඇල්ෆා බිමින් තියන්න මාව අනේ... එපා ඔය වැඩේ කරන්න.. ආව්.. සීතලයි.. මෝඩ විකාර පිස්සු ඇල්ෆා..'

' ඔය ඉන්නෙ ලස්සනට දැන් ඉතින් ඔහොම ඉන්න.. කම්මැලි කමට හොඳ වැඩේ.. '

යුන්ගි හොබී ව වතුරට අතහැරිය විතරයි හොබී බනින්න පටන් ගත්තා.. ඇති තරම් කියවලා ඉවර වෙනකම් යුන්ගි බලන් ඉඳලා යුන්ගි ත‍් බඳ පටිය ගලවන ගමන් හොබී ළඟට ගියා..

' ඇති දැන් කියෙව්ව.. එන්නකො නාගන්න..'

යුන්ගි හොබී ළඟට යන්න හැදුවත් හොබී අත් දෙකම ඇල්ෆා ගෙ පපුවට තියලා පොඩ්ඩක් තල්ලු කරලා බැලුවා තිබ්බ තරහට.. යුන්ගි ට ඒක දැනුනෙ නැති වුණත් බොරුවට වගේ ටිකක් පිටිපස්සට ගිහින් වතුරේම වැටුණා.. හොබී ඒකට ටිකක් විතර බය වුණා..

' අනේ යුන්ගි.. ඔහ්.. සමාවෙන්න.. ඔයා හොඳින් නේද..'

' යාආ.. මාව අරහෙ ඉඳන් මෙතැනට උස්සගෙන එන්න පුළුවන්.. මෙතැන මම පොඩ්ඩක් තල්ලු කරොත් තමයි වැටෙන්න යන්නෙත්..'

හොබී ට එකපාර කේන්ති ගිය නිසා යුන්ගි ට බනින්න පටන් ගත්තා.. මොකද ඇත්තටම හොබී කලින් බය වුණු නිසා.. හොබී ගෙ බය වුණු මූණ බලන් හිටිය යුන්ගි ආයේ හිනා වෙන්න ගත්තාම හොබී ට තවත් හොඳටම කේන්ති ගියා.. හැබැයි ඉතින් හොබී එච්චරම කේන්ති ගන්න එක්කෙනෙකුත‍් නෙමේ..

' ඔහොම කේන්ති ගන්න එපා ඔමේගා.. ඔය මුණත‍් එක්ක රතු වෙලා.. බයත් හිතෙනවා..'

RED JASPER | SOPE | COMPLETEDWo Geschichten leben. Entdecke jetzt