#2 කොටස
' ජිමින්..!!!'
මුලින්ම එතැනට දුවගෙන ආවේ නම්ජුන්.. නම්ජුන් මුලින්ම දැක්කෙ ඇස් දෙකත් ලොකු කරන් දිය පාර දිහා බලන් ඉන්න ජිමින් ව..
' මොකක්ද ජිමින් වුණේ..'
'හෙයොන් අර අතන.. එතැන කවුරුහරි ඉන්නව.. අනේ මට බයයි..'
නම්ජුන් ගොඩ ඉඳන්ම උඩහට ඇවිදන් යද්දි ජින් ඒ එක්ක ගියා.. යුන්ගි ජිමින්ව ගොඩට අරන් ගහ යටට එක්කන් යද්දි tae ජිමී ළඟට ගියේ එයා හොඳටම බය වෙලා ඉන්න බව ජිමී ලඟින් ආපු කටුක රෝස මල් සුවඳින් දැනුන නිසා..
' මම ජින් ඉන්න තැනට යන්නම් ඔයා ඔහොම ඉන්න ටේ.. '
• . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . •
ජින් එතැනට යද්දී දැක්කේ දිය පාරේ මුනින් අතට වැටිලා ඉන්න තරුණයෙක්.. එක අතකින් තදින් ඊ තලයක් තදින් අල්ලන් අනිත් අත පපුවට තද වෙලා තිබුණා.. හැන්බොක් එකේ උඩ කොටස හොඳටම ඉරලා ගිහින් තැනින් තැන තුවාල තියෙන පිට නිරාවරණය වෙලා තිබුණා.. පපුවට තියන් ඉන්න අතේ ඇඟිලි අතරින් තද රතු පාටට ලේ මුළු දිය පාර පුරාම මිශ්‍ර වෙලා.. නම්ජුන් ඉක්මනට දුවන් ගිහින් ඒ කෙනා උඩ අතට හරවලා ගොඩට ගෙනාවෙ වතුරේ හුස්ම ගන්න බැරිව හානියක් වේවි කියලා..
' මම හිතන්නේ දැන් වගේ එයා මෙතැනට ඇවිත් තියෙන්නෙ තවම හුස්ම වැටෙනව ජුනි..'
ජින් කලබලයෙන් ඒ කෙනාගේ හැන්බොක් එකේ උඩ කොටස එහාට කරලා පපුවට අත් දෙක තියලා තෙරපන්න ගත්තෙ පෙවිල තියෙන වතුර අයින් කරන්න..
එකපාරටම ඇස් දෙක ඇරපු තරුණයා හයියෙන් හුස්ම ගන්න ගමන් කටින් වතුර එළියට දාද්දි ජින් එයාව පැත්තට හරවලා තුවාල අතරින් වුණත් පිට අතගෑවා.. ආයෙත් කලන්තෙ වෙලා ඇස් පිය වෙද්දී කුක් ගෙනාපු කොළ වාගයක් පපුවට තියලා අතින් තද කරලා ජුන් ගෙ හැන්බොක් එකෙන් රෙදි කෑල්ලක් ඉරලා අරන් පපුව වටේ එතුවෙ යුන්ගි ගෙ උදවුවත‍් ඇතුව..
' ඉක්මනට අපි යමු ගමට.. ටික වෙලාවකට විතරයි මට ලේ ගලන එක නවත්තන්න පුළුවන්..'
KAMU SEDANG MEMBACA
RED JASPER | SOPE | COMPLETED
Fiksi Penggemar"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගටම ආයෙ ඔයා ලගටම ඒවි.. ඔයාට මහන්සි වුනත් ඔයා මාව ලගට අරගෙන මගේ කොන්ඩෙ අවුල් කරයි.. ඊට පස්සෙ මාව සිපගනි...