♡ කැමැත්ත...

508 132 60
                                    

යුන්ගි ගෙ හිතේ ඒ වෙද්දි හොබී ගැන යාලුවෙක්ට වඩා දුර ගිය හැගීමක් තිබුණා.. මුල් කාලෙ පේන්න බැරි වුණත් වැඩි ප්‍රතික්ශේපය අන්තිමට වැඩි කැමැත්ත වෙලා තිබුණු බව යුන්ගි ගෙ හිතට දැනුනා.. හරිනම් රැලේ එහෙම සම්බන්ධයක් තියාගන්න එක නීතියට පටහැනි වුණේ තමන්ගෙ සහකාරය නියම වයස් සීමාව ලබද්දී තමන්ට හමුවෙන නිසා.. හරියට ජින් ජිමී ට වගේ..

ඒත් ඉතින් 'ආදරේ' කියන හැගීම හිතට දැනෙන්න පටන් ගන්නකොට අපිට අපේ සිමාවන් පේන්නේ නැතුව යනව.. ඒක හරි සාමාන්‍යයි.. වරදක් කරන බව දැන දැනත් සමහරවිට අපි කරන්නෙ වරදක් වෙන්න පුළුවන්.. ඒත් ඒක ඒ වෙලාවට වරදක් විඳියට පේන්නේ නෑ.. ඒක තමයි ස්වභාවය.. පසුවට කල්පනා කරද්දි තමන් කලේ වරදක් බව වැටහෙන්න පුළුවන්.. ඒත් ඉතින් කරල ඉවරනේ.. හැමතිස්සෙම 'සම්මතයට' වැඩ කරන්නම කියලා හිතන එක අසාධාරණයි.. මොකද 'අසම්මතය' කියලා හදුන්වලා දිල තියෙන සමහර දේවල් අපේ ජීවිතේ නොහිතන තරමට අපිට ලං වෙන්න පුළුවන්.. 'ආදරේ කරන එක' වත් 'ආදරේ විඳින එක' වත් සම්මතයට අනුවම යන්න ඕන කියලා හිතන්න එපා මොකද ඒක අසම්මතයට කරන අසාධාරණයක්.. තමන් අකැමැති වෙන්න පුළුවන් ඒත් අනිත් අයගේ හැගිම් පහත හෙළා කතා කරන්න එපා.. ඒ වේදනාව තේරෙන්නේ තමන්ටත‍් සමාජෙ තදබල ප්‍රතික්ෂේපවීමක් දැනුනු දවසක විතරයි.. ගරු කරන්න පුරුදු වෙන්න තමන්ගෙ අදහස් වලට විතරක් නෙමේ අනිත් හැම කෙනාගෙම අදහස් වලට.. හැගිම් වලටම වහල් වෙන්න එපා ඒත් හැගීමක් දැනෙන තැන කල්පනා කරලා නිවැරැදි නම් නවතින්න බය වෙන්නත් එපා.. නිදහසේ ජීවත් වෙන්න අනිත් අයගේ නිදහසට බාධාවක් නොවන විඳියට..

යුන්ගිට එක්කෙනෙක් කියලා කෙනෙක් හිතේ හිටියේ නෑ.. හිත තිබ්බේ හතර වටේ.. ඒක නිකං රූපේ දැකල ඇති වෙන ආසාවක් වගේ දෙයක්.. එහෙම නැතුව 'ආදරයක්ම' කියලා කියන්න තරම් දේවල් ඒ හිතේ තිබ්බේ නෑ.. ඒත් අහම්බෙන් වගේ හම්බුන කෙනෙක් කාළයක් තිස්සේ ඉඳන් දැන් හිතේ නතර වෙලා කියලා දැනෙන නිසා යුන්ගි ට හැගිම් හංගන් ඉන්න පුළුවන් කමක් තිබ්බෙත් නෑ..

ඊටත් වඩා අමාරු වුණේ හිතේ තියෙන හැගිම් කිව්වත් අනික් පාර්ශවය මොන වගේ උත්තරයක් දේවිද කියන එක දරාගන්න එක.. එක්කො ඒක ප්‍රතික්ෂේප වීමක් වෙන්නත් පුළුවන් නැත්නම් පිළිගැනීමක් වෙන්නත් පුළුවන්.. අන්තිමට තිරණයක් අරගෙන හිතේ තියෙන දේවල් කියන්න පෙළඹුණා..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now