හවස දැනුනු කම්මැලි කම එක්ක හොබී ඇවිත් යුන්ගි ගෙ ඇදේ පෙරළුණා.. යුන්ගි, කාමරේ කොණක ඉවර කරපු නැති පින්තුරයක් සම්පූර්ණ කරන ගමන් ඒ වැඩේට අවධානය දීගෙන හිටියත් ඇදේ ලී හෙලවෙන සද්දෙ එක්ක අවධානය බිඳුණා.. පින්තූරෙ තියලා තියෙන රඳවනයෙන් ඇස් අහකට අරන් ඇඳ දිහා බලද්දී යුන්ගි දැක්කෙ අත් පය දිග ඇරගෙන එයාගෙ ඇඳේ වැටිලා ඉන්න හොබීව..
' මොකද නවකතා කියවලා කම්මැලි වුණාද.?'
යුන්ගි ආයේ පින්සලේ සායම් තවර ගෙන පින්තූරේ සීරුවට යවන ගමන් හොබී ගෙන් ඇහුවා..
' හ්ම්.. නිදිමතයි දැන්..'
හොබී නිදිමත කටහඬින් ඇස් පොඩි කරන ගමන් යුන්ගි ගෙ කොට්ටයක් තුරුළු කර ගත්තා..
' නිදාගන්න එහෙනම්.. මම ටිකකින් අවදි කරන්නම්.. '
යුන්ගි හොබී දිහා බලන් කියලා ලාවට හිනා වුණේ වෙලාවකට පොඩි ලමයෙක් වගේ හුරතල් නිසා..
යුන්ගි හුඟක් වෙලාවට නිවුණු චරිතයක්.. වැඩිය කලබල නොවෙන නිශ්ශබ්ද තමන්ගෙ වැඩ වලට අවධානය දීගෙන ඉන්න කෙනෙක්.. ඒ වගේම යුන්ගි ට හැගිම් පාලනය කරගන්න හොඳ පුහුණුවක් තිබුණා.. ඒ නිසාම තමයි ජින් මුල් දවස්වල හොබී ව යුන්ගි ළඟ නතර කරන්න උනන්දු වුණේ..
අනිත් අතට යුන්ගි හොබී හිතාගන්නත් බැරි තරම් ආදරේ වුණා.. යුන්ගි හොබී ව පමණට වඩා විශ්වාස කරා වගේම ආරක්ෂා කරගත්තා.. අඩුම තරමේ තනියම එහෙ මෙහෙ යන්න වත් දුන්නෙ බොහොම කලාතුරෙකින්.. ඒ වගේම හොබී එක්ක කේන්ති ගන්නෙ බොහොම අඩුවෙන්.. හොබී මොකක්හරි මුරණ්ඩු වැඩක් කරලා ඒකට බනිනවා ඇරෙන්න වෙන කිසිම දේකට යුන්ගි කවදාවත්ම හොබී ට බනින්න උත්සාහ කරලා තිබුනේ නෑ.. මොකද හොබී ට රිදෙනව කියන්නෙ තමන්ට ඒ වගේ දහස් ගුණයක් රිදෙන නිසා.. නොදැනුවත්වම වුණත් යුන්ගි තමන්ගෙ එකම පලවෙනි ආදරේ එක්ක පුදුම විඳියට බැඳිලා හිටියා.. ඒ ආදරේ රාගයට එහා ගිය අධ්‍යාත්මයෙන්ම බැඳුණු බැදීමක් වුණා... මොකක්දෝ හේතුවකට යුන්ගි හොබී මහ ගොඩක් ආදරේ කරා.. ඒ හිනාවට.. ඒ සුවඳට, ඒ කටහඬට, ඒ ස්පර්ශයට, ඒ රූපයට.. හැමදේටම..
YOU ARE READING
RED JASPER | SOPE | COMPLETED
Fanfiction"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගටම ආයෙ ඔයා ලගටම ඒවි.. ඔයාට මහන්සි වුනත් ඔයා මාව ලගට අරගෙන මගේ කොන්ඩෙ අවුල් කරයි.. ඊට පස්සෙ මාව සිපගනි...