♡ අලුත් නවාතැන...

619 158 53
                                    

#4 කොටස

'ඔයා මොන රංචුවෙද හොබී..?'

ඒ ප්‍රශ්නය එල්ල වුණේ යුන්ගි ගෙන්...

' ආ.. ම්ම්ම්.. මම ජන්ග් රැලේ..'

හොබී ටිකක් උත්තර දෙන්න පසුබට වුණා.. යුන්ගි ඇරෙන්න අනිත් අයගේ මූණු වල වෙනසක් ඇති වුණේ නෑ.. ඒ කියන්නෙ එයාල දන්නෙ නෑ..

'මොකක්..?' ඔයා කියන්නෙ ඔයා ඒ රැලේ කියලද..? එතකොට ඔයා මැරුණේ නැද්ද..? '

යුන්ගි එහෙම කියද්දී ජිමී එයාගෙ කකුල හයියෙන් පාගලා රවලා ආයේ හො බී දිහා බලලා ලස්සනට හිනා වුණා..

' අහ්හ්.. හොබී මේ ගනන් ගන්න එපා.. මේ දවස්වල අපේ හෙයොන් ටිකක් ඔහොම තමයි.. ඔහේ කියවනවා.. සමාවෙන්න අපි වැරදි දෙයක් අදහස් කරේ නෑ.. ඔයා තරහ නෑ නේද..? '

ජිමී එහෙම කිව්වත් හොබී ගෙ මූණේ තිබුණු බය හිතුනු පෙනුම වත් යුන්ගි ගෙ පුදුම වුණු පෙනුම වත් අඩු වුණේ නෑ..

' නෑ නෑ ජිමී.. ඔයා ජන්ග් රංචුව ගැන දන්නෙ නෑ.. ඒ රංචුව අපි පොඩි කාලෙම වසංගතයක් නිසා නැති වෙලා ගියා.. මම ඒ රංචුව ගැන දන්නව.. අපේ අප්පා ළඟ එයාල ගැන විස්තර තියෙනව.. එයාල පරිවර්තනය සම්පූර්ණ කරන්නෙ අවුරුදු විසි එකෙන්.. ඒ නායකතුමියට හිටියේ සහකාරියක්.. ඉස්සර අපේ රංචුව එක්ක හුඟක් ලඟින් ඒ රංචුව ආශ්‍රය කරලා තියෙනව.. ඒත් මට හිතාගන්න බෑ මෙච්චර කාලයක් හොබී කොහේ හිටියද කියල.. '

යුන්ගි තමන් දන්න තරම් දේවල් හැමෝම එක්ක කියද්දී කුක් ගෙ වගේම අනිත් දෙන්නත් හුඟක් පුදුම වුණු බවක් ඒ මූණු වලින් පෙන්නුම් වුණා..

' මේ කියන්නෙ ඇත්තද හොබී...? '

ජිමී එහෙම අහද්දී හොබී අකැමැත්තෙන් වුණත්' ඔව් 'කියලා ඇහෙන නෑහෙන ගාණට කිව්වේ ඊළඟට මොන මොන විඳියේ දේවල් අහවිද කියලා බයෙන්.. ජින් ලඟදි තරම් මේ අය ලඟදි විශ්වාසයක් පහසුවක් හොබීට දැනුනේ නෑ..

හොබී ගෙ මූණේ තිබුණු බය ගතිය තේරුම් ගත්ත ජිමී තව දුරටත් ප්‍රශ්න අහලා එයාව අපහසුතාවට පත් කරන එක සුදුසු නැති නිසා ජිමී කතාව හෙමිහිට වෙන පැත්තකට හරවන්න උත්සාහ කරා.. යුන්ගි වුණත් ආයේ කිසි දෙයක් ගැන නොඅහ දිගටම කට වහන් පාඩුවේ හිටියේ ජින් ගෙන් හිමිහිට හොබී ගැන දැනගන්න අදහසින්..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now