♡ අදුරු වලාකුළු...

282 87 32
                                    

සේ-ජින් ගෙ කුටිය ගෙදරට වඩා හුඟක් වෙනස්.. හුගාක් අදුරුත‍් නෑ එළියකුත් ලොකුවට නෑ.. ඒත් පිළිවෙලයි.. සරලයි.. බිම එලලා තිබුණු තුනී මෙට්ටය, පහත් මේසය වගේම, කුටිය ඇතුලේ බිත්තියක සිතුවම් කරලා තිබුණු කළු හඳත‍් කඳුවැටියත‍් බොහොම සරල දේවල් වුණා..

සේ-ජින් බොහොම හොඳ සටන්කරුවෙක්.. ඒ නිසාම කාමරේ කොනක අඩුවක් නැතුවම පුහුණු වෙන ආයුධ එල්ලලා තිබුණා.. හොබී මේ හැමදේම දිහා උනන්දුවෙන් බලන් ඉන්න හැටි සේ-ජින් දැක්කා.. ඒත් ඉතින් හොබී දන්නෙ නෑ නේ සේ-ජින් මෙච්චර අස් කරලා පිලිවෙලට ඉන්නේ හොබී ආපු නිසා කියලා..

' ජී-හු ඇවිත් ඉඳ ගන්න.. මම ඉක්මනින් එන්නම්..'

හොබී බිමින් ඉඳ ගන්න අතරේ සේ-ජින් පහළට ගියා.. ටික වෙලාවකින් සේ-ජින් ආවේ තේ පෝච්චියක් එක්ක බන්දේසියක් අරන්..

' ඉතින් සේ-ජින් ඔය දුවන එක නවත්තලා දැන් වත් එන්නකො.. මට හිනා යනවා ඔයා ඔය තරම් කලබල වෙලා ඉන්නවා දකිද්දී.. '

' මටත් හිතෙනව මම ඕනෑවට වඩා කලබල වෙලා කියලා.. හහ..'

සේ-ජින් හිනාවෙන ගමන් හොබී ලඟින් ඉඳ ගත්තා..

' ජී-හු ඔයාගෙ හියුන්ග් දන්නවද ඔයා ආපු බව..'

' යුන්ගි ද, එයා ඇත්තටම මේ.. මගේ.. අහ්.. ඔව් එයා දන්නව.. මේකයි අද එයා එහා ගමට ගියා.. '

' එහෙමද.. දන්නවද ජී-හු ඔයා එනකම් මම බලන් හිටියා හුඟක්.. '

සේ-ජින් දුක හිතෙන විඳියට තොල නොපිට හරවලා කියද්දී හොබී ලාවට හිනා වුණා..

' ඒ මොකද සේ-ජින්.. '

' ම්ම්.. එක හේතුවක් නෑ.. ලොකුම හේතුව මට යාළුවෝ නෑ.. මම කිව්වේ අපේ අප්පා නිසා මට ඇත්තටම පිට කෙනෙක් එක්ක කතා කරන්න අවස්ථාවක් නෑ.. හැමෝම මාව ප්‍රතික්ෂේප කරනව කියල මට හිතෙන්නෙ..'

' එහෙම කියන්න එපා සේ-ජින් මම ඔයාගෙ හොඳම යාළුවා කියලා හිතන්නකෝ හරි ද..? '

හොබී සේ-ජින් ගෙ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වේ සේ-ජින් ගෙ හිත හැදෙන්න..

' ස්තූතියි.. '

' මට කියන්නකෝ දැන් මේ ඇල්ෆා ඇයි දුකින් ඉන්නෙ කියල.. හොඳම යාලුවට මොකුත් හංගන්න බැහැ හරි ද..?'

RED JASPER | SOPE | COMPLETEDDonde viven las historias. Descúbrelo ahora