♡ පිනි බිංදු...

Start from the beginning
                                    

ජින් හොබීව කාමරේකටම ඇදගෙන ගිහිල්ලා දොර වහගත්තා..පැටියව බීට කෙනෙක් අතට බලාගන්න දීලා.. ඒ දෙන්නටම ඇහෙනවා තව කාමරේක නම්ජූනියි යුන්ගියි රන්ඩු වෙන සද්දෙ..

" මොන මගුලක්ද නම්ජූන් හියුන්ග්..මට බෑ.. යාහ්.. මට යන්න දෙනවා..!! අර සොක්ජින්ව ව හම්බෙන්න..යා.."

හොබී ඇස්දෙකත් ලොකු කරගෙන ජින්දිහා බැලුවා..මේ රන්ඩුවෙන දවසක්ද..යුන්ගිට හදිසියෙම කේන්ති ගිහින් තියෙන්නෙ කියල හොබී දන්නෙ නෑ..සාමන්‍යෙන් යුන්ගිට කේන්ති ගන්නනම් හොද හේතුවක්වත් තියෙන්න ඕන.. නැතුව යුන්ගි කේන්ති ගන්නෙ නැහැනෙ..

" අර යුන්ගි නේද හියුන්ග්..මොකද ඒ..මම ගිහින් බලල එන්නද..?"

හොබී යන්න නැගිට්ටා..

" නෑ නෑ හොබී ඔය යුන්ගි නිකන් කෑගහන්න ඇත්තෙ..දැන් පරක්කු වෙනවනෙ අපි ලෑස්ති වෙමු..?"

" අපි කිව්වෙ..? මම ලෑස්ති වෙන්නම් ඉතින් හියුන්ග්.."

හොබී කන්නඩියෙන් එයාගෙ පිටිපස්සෙ ඉන්න ජින් දිහා බලාගෙන කිව්වා..ජින් කම්මුලට අතකුත් තියාගෙන හොබී දිහා උනන්දුවෙන් බලාගෙන හිටියා..

" ඔය ඇදුම හරි මදි වගේ මට.."

හොබීගෙ රතු-කලු හැන්බොක් එක දිහාම බලාගෙන ජින් කිව්වා.. ඒකනම් බොරුවක් හැබැයි.. හොබී ඒ ඇදුම හදවගත්තෙත් හොදට කල්පනා කරලා ලස්සනම මෝස්තරේකට..අනික යුන්ගිත් ඒකට හුගක් කැමති වුනා..දැන් ජින් කියනව ඒක හරි නැලු..

" දැන් ඉතින් වෙන ඇදුමක් කොහෙන් හොයන්නද හියුන්ග්..මටනම් මේක අවුලක් නෑ ඒත්.."

" අපි මේක ඇදල බලමු.. "

ජින් කන්නඩියෙන් හොබීට එයාවම නොපෙනෙන්න හිටගත්තා.. ජින් කාමරේ තිබිල ගත්තෙ හුගක් බර හැන්බොක් එකක්.. ඒකෙ තිබුනු මෝස්තර වලටම හැන්බොක් එක හුගක් බර ඇති කියල හොබීට හිතුනා..අනික සුදුපාට ඇදගෙන විවාහ උත්සව වලට යන්නෙ කොහෙද..? ජින් නිතරම කියනව වගේ ජින්ට පිස්සුවත් හැදිලද..? හොබී පිටිපස්සට වුනා..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now