♡ වේදනාව...

Start from the beginning
                                    

හොබී මේසය තදින්ම අල්ලගෙන පුටුවට බර වුනා.. තොල් තුවාලවෙනකම්ම හපාගෙන හිටියා.. ඒත් වේදනාවෙ අඩුවක් දැනුනෙ නෑ..ඒ වේදනාවට හොබීට සිහිසුන් වෙන්නත් ආවා..හොබීට මතක් වුනේ ජින් ව..ඉක්මනින් ජින් ලගට යන්න ඕනවුනත් හොබීට නැගිටින්න ගත්තු උත්සාහයෙන්ම දැනුන්නු වේදනාවට ඇග පන නැති වුනා.. හොබීට ලොකු අසරනකමක් දැනුනා ඒ වෙලාවෙ.. කවුරුමහරි ලග හිටියනම්..හොබීට උවමනා වුනේ එච්චරයි.. හොබී හිත දැඩි කරගෙන කොහොමහරි නැගිට්ටා.. කකුල් වාරු නැතිව ඇදගෙන වැටෙන්න හදපු හැම වාරෙකම ලග තිබුනු මේසයක් පුටුවක් අල්ලගෙන හොබී පුස්තකාලෙන් පිටවෙන දොර ලගට ඒගන්න පුලුවන් වුනා.. එතනින් පහලට පඩිපෙලක්...!!!

හොබී පඩිපෙල දකිනවත් එක්කම උදරයට අතක් තද කරගත්තා..ඒක කොහොමටවත් කරන්න බැරි දෙයක්..හොබීට මොනව වුනත් පැටියව බේරගන්නයි හොබීට උවමනා වුනේ.. හොබී එහෙමම උලුවස්සට හේත්තු වුනේ ඇස් තදින් පියාගෙන.. හොබීගෙ මුලු මූනම හරිම රතු වෙලා.. දාඩියෙන් පෙගිල ගිහිල්ලා.. ඒත් වාසනාවකට වගේ ඒ වෙලාවෙම පුහුනුවෙන ඔමේගා හෙදියෙක් පොත් ගොඩකුත් උස්සගෙන පඩිපෙල නැගගෙන හැටි හොබීට බොදවුනු ඇස් වලින් පෙනුනා.. ඔමේග හොබීව දැක්ක ගමන්ම පොත් ගොඩත් එතනම බිමට අතෑරල හොබී ලගට දුවගෙන ඇවිත් දන ගහගත්තා.. හොබීගෙ පෙනුමෙන්ම තේරෙනව හොබී කොච්චර අමාරුවෙන්ද ඉන්නෙ කියලා..හොබී වෙවුලනව වගේ.. අත් පවා වෙවුලනව.. හදගැස්මත් හුගක් වැඩියි.. 

" ඇ..ඇල්ෆා ටේහියුන්ග්ට..එන්න..කියන්න ඔමෙගා.."

හොබී දත්මිටි කාගෙන හෙද ඔමේගට කිව්වා..ඒ එක්කම හොබීට හැම තැමන පෙනුනේ කලුවර වෙලා.. වේදනාව දැනුනත් ඒක දරාගන්න බැරිම තැන හොබීගෙ ඇස් පියවෙලා ගියා.. හෙද ඔමේගා හොබීව එහෙමම හේත්තු කරලා රෝහල පැත්තට දුවගෙන ගියේ හමුවෙන කාගෙන්මහරි උදව් ඉල්ලගන්න.. 

ඔමේගා දුවගෙන දුවගෙන ගිහිල්ල ජන්ග්කුක් ටේහියුන් ඉන්න තැනින් නැවතුනා..වාසනාවකට දෙන්නම ලොකු දුරක හිටියෙ නෑ..ඔමේගා බයවෙලා ඉන්න තරමටම වචන පිටවෙන්නෙත් නෑ..ඔමේගා හති දදාම කුක්ටේ ට කතාව කියන්න ගත්තා..

" ඇල්ෆා..හ්හ්..ඔමේගාහ්..ඔමෙගා..හෝසොක්..හ්හ්..ට.."

හොබීගෙ නම ඇහුනත් එක්කම කුකී හෙද ඔමේගවත් තල්ලු කරගෙන පුස්තකාලෙ තිබුනු පැත්තට දුවන්න ගත්තා.. ටේට කරන්න දෙයක් හිතාගන්න බැරුව එතනම ගල් වෙලා වගේ හිටගෙන..කුකී පස්සෙන් දුවන්න උවමනා වුනත් ටේ අනිත් පැත්තට ජින්ගෙ කුටියට දුවගෙන ගියා..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now