❄𝐈𝐂𝐘 𝐍𝐢𝐠𝐡𝐭☃️

455 75 124
                                    

"අනේ ඇත්තමයි මම කියන කිසිම දෙයක් අහන්නේ නැහැනේ ඉතිං. මම කිව්වා යන්න එපා කියලා . කවදාවත් මම කියන එකක් අහන්නේ නැති හැටියක්"

මම පාර දිගට පිස්සු ගෑනියක් වගේ මේ බැන බැන යන්නේ වෙන කාටවත් නෙවේ. මගේ බෝයිෆ්‍රෙන්ඩ් කිම් සොක්ජින්ට. මට හිතාගන්න බැහැ මම එපා කියද්දී කියද්දීත් මෙයා යන්න ගියා කියලා. මම මේ කියන සිද්ධිය වුණේ මීට පැය දෙකකට කලින්. මම හිටියේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ අපාට්මන්ට් එකේ. අද අපි දෙන්නා මූවී නයිට් එකක්. අපි දෙන්නම එකට කෑම හැදුවා. ඊටපස්සේ ඉක්මනටම ගිහින් වොෂ් එකක් දාගෙන එන ටිකට තමයි මෙයා අන්තඃරස්දාන් වෙලා.

.

.

.

🕘පැය දෙකකට පෙර...🕖

"පැටියෝ.., මොනාවුණත් මම කැමති නැහැ ඔම්මා ඔයාට එහෙම කතා කලාට.." ජිනී කිව්වේ ටීවී එක ඉස්සරහා බිම වාඩිවෙලා, පොඩි ස්ටූල් එකේ තියාගෙන කැරට් ටික කපන ගමන්. ජින් මේ කතා කරන්නේ වෙන කිසිම දෙයක් ගැන නෙවේ ගිය සතියක එයාගේ ඔම්මාව බලන්න අපි ග්වාඡොන් ගියපු ගමන ගැන. එදා ඔම්මාට ජින් මාව හදුන්වලා දුන්නා. ඒක තමයි පලවෙනිවතාව ජින්ගේ ඔම්මාව මම මුණගැහුන. කලින් කොයි තරම් ෆොටෝ දැකලා තිබුණත්, අඩු තරමේ ෆෝන් එකකින් කතා කරලවත් තිබුණේ නැහැ. ඒ ඕනේ නැහැ. ජින්ගේ ඔම්මා ජින්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලාවත් දැනගෙන හිටියේ නැහැ.. අපි දෙන්නාගේ සම්බන්දේට අවුරුදු තුනක් වුණේ ගිය මාසේ. අපි දෙන්නා එකම ඔෆිස් එකේ එකට වැඩ කලත් අපි දෙන්නාගේ මේ ආදර සම්බන්ධේ පටන්ගත්තේ ඔෆිස් එකේ කොෆි ෂොප් එකෙන් කිව්වොත් හරි. ජිනී මම තරම් ම කොෆිවලට ඇබ්බැහිවෙලා හිටියේ නැති වුණත්, එයා බැල්ම දාපු කෙල්ලෙක් නම් කොෆි ෂොප් එකට නිතරම ඇවිත් තියෙනවා. ඉතිං අන්න ඒ නිසා තමයි ජිනීත් ෂොප් එකට ආවේ ගොඩක්ම ටී වෙලාවට. ඉතිං කොහොමවුණත් ජිනීගේ හිත ගිය කෙල්ල මගේ බොස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙද්දී මම ජිනීගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුණා. අපේ සම්බන්ධයේ දී අපි දෙන්නා මුලින්ම හොදම යාලුවෝ වුණා කිව්වොත් හරි. ඒත් පස්සේ පස්සේ අපි දෙන්නා අපි දෙන්නාව හොදට තේරුම් අරගත්තා. දැන් නම් මට ජිනී නැතුවත්, ජිනීට මං නැතුවත් ජීවත්වෙන්න පුලුවන් ද කියලා හිතාගන්නවත් බැහැ. අපි දෙන්නා අපි දෙන්නාට ඒ තරම්ම ඇබ්බැහිවෙලා. හරියට මම ඉස්සර කොෆිවලට ඇබ්බැහිවෙලා හිටියා වගේ, එයා ඉස්සර වගේම දැනුත් ගේම්ස්වලට ඇබ්බැහිවෙලා ඉන්නවා වගේ.

𝐈𝐂𝐘 𝐍𝐢𝐠𝐡𝐭 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓Where stories live. Discover now