Chapter 16

1.6K 203 107
                                    

ටේ ,ජීවොන් දෙන්නම ගියා ඒ ආපු සද්දෙ මොකද්ද කියලා බලන්න.කවුරුහරි දොරට ගහන නිසා ටේ ගිහින් දොර ඇරියා .

" හැල්මොනි 😳" දොර ඇරියත් එක්කම ජීවොන්ගෙ කටින් පිටවුනේ ඒ වචනේ .

" ඔව් ඔව් මං තමා 😌" ජීවොන්ගෙ හැල්මොනි එහෙම කියනවත් එක්කම ඇවිත් ජීවොන්ව එයාගෙ තුරුලට ගත්තා .

"ඔයා කොහෙද මෙහේ . අපිට කිව්වනම් ඔයාව එක්කන් එන්න අපි එනවනෙ 😕" ජීවොන් ප්‍රශ්න වැලක් අහනවා 😂.

"ඇයි මං තනියෙං එන්න එපාද 😌"

" හැල්මොනි ඔයා ඉඳගන්නකො. මං බොන්න මොනාහරි ගේන්නම් . මහන්සිත් ඇතිනෙ "ටේ kitchen එකට ගියේ ජීවොන්ටයි හැල්මොනිටයි නිදහසේ කතාකරන්න ඉඩ දීලා .

" අහ්ම්.. ජී.. මැනික .. ඔයාට මං කියපු ඒව මතකද 👀🙄"

" මොනාද 🙄" ජීවොන්ට හිතාගන්න බෑ හැල්මොනි මොනා ගැනද අහන්නෙ කියලා .

" ඇයි දරුවෝ මං කිව්වෙ මට පොඩි පැටියෙක් ඕනෙ කියලා 😌"

" අහ්ම්.. ඔයාට මහන්සිත් ඇතිනෙ . රූම් එකට ගිහින් වොශ් එකක් දාගන්න 🙂" ජීවොන් කතාව මගාරින්න ඕනෙ නිසා කතාව වෙනස් කලා.

හැල්මොනි ජීවොන්ට අමුතු හිනාවක් දාලා රූම් එකට ගියා .

හැල්මොනි ජීවොන්ගෙ ගෙදර ඇවිත් තියෙන්නෙ ටික දවසක් ජීවොන් එක්ක ඉන්න හිතාගෙන . සති දෙකක් විතර ජීවොන්ගෙ ගෙදර හිටපු හැල්මොනි ආයෙ එයාගෙ ගෙදර යන්න ලෑස්ති වුනා . ටේ ජීවොන් දෙන්නම හැල්මොනි එක්ක එයාව ගෙදරට ඇරලවන්න ගියා .
ටේ ජීවොන් හවස් වෙනකන් හැල්මොනිගෙ ගෙදර ඉ‍ඳලා එයාලගෙ ගෙදර එන්න පිටත් වුනා . ගෙදරින් එලියට බහිද්දිත් හැල්මොනි කිව්වෙ පුලුවන් ඉක්මනට එයාට පැටියෙක් ගෙනත් දෙන්න කියලා .

⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩

Unknown person

OTP
📲 " sir දෙන්නම දැන් ඉන්නෙ වැඩිය කවුරුත් නැති තැනක "

" හ්ම්..හරි . මං කන්ටේනර් එක අරගෙන එන්නම් . ලොකේශන් එක ශෙයා කරන්න 😏. Mr.kim taehyung . මගේ අතින්ම මැරෙන්න ලෑස්ති වෙනවා 😏"

Mr.lee. මෙච්චර කල් ටේගෙන් පලිගන්න බලාගෙන හිටපු කෙනා.ටේත් එක්ක එකට බිස්නස් වැඩ කලත් mr .lee ටේත් එක්ක ලොකු තරහකින් හිටියෙ . මොකද ටේගෙ අප්පගෙන් පස්සෙ කම්පැනි එක එයාට අයිති වෙන්න තිබ්බ නිසා . ඒත් ටේට කම්පැනි එක බාරගන්න වයස හරි නිසා ටේගෙ අප්පා නැති වුනාට පස්සෙ mr.lee ට කම්පැනි එක නොදී ටේට බාර කරන්න කම්පැනි එකේ ලෝයර්ස්ලා තීරණේ කලා. එදා ඉඳන් අද වෙනකන් mr.lee කල්පනා කලේ ටේව අයින් කරලා කොහොමහරි කම්පැනි එක එයාට අයිති කරගන්න .

A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]Where stories live. Discover now