chapter 18❤️

763 149 29
                                    


Jk pov........




මගේ මැනික ජීවත් වෙනවා.ඒ කියන්නේ මට ලීසගේ බොරුව හැමෝටම කියන්න කාලේ හරි.ඒත් අර බබා කාගෙද??ටේ වෙන කෙනෙක්ව.............නෑ නෑ එහෙම වෙන්න බෑ මගේ ටේ ආදරේ මට විතරයි.ඒත් ඇයි එයා ජීවත් වෙනවා කියලා මට කිව්වේ නැත්තේ??ඔව් ඉතින් තමන්ට හැමදාම ගහලා එයා ඉද්දිම වෙන ගෑනියෙක් ගෙදරට ගෙනාපු එක්කෙනෙක් එක්ක කවුද ඉන්න කැමති වෙන්නේ??මට මගේ මැනික දැක්ක ගමන් වඩාගෙන මුලු මූනම කිස් කරන්න හිතුනා.ඒත් මගෙ අතේ අර ලීසගේ ලමයා ඉන්නවනේ.ඒකි හිතන් ඉන්නේ මම ගොනෙක් කියලද දන්නෑ.ලමයා මගේ කිව්ව ගමන් මම විශ්වාස කරන්න 😏මම මගෙ ටේට විතරයි ආදරේ,ඒ වගේම මගේ හැමදේම අයිතිත් එයාට විතරයි.මේ ලමයත් එයාගෙ ඔම්මා වගේම මහ වදයක්.




මම ඕවා හිත හිත ඉද්දි එක පාරට ටේගේ අතේහිටපු චූටි බබා අප්පව ඉල්ලලා අඩන්න ගත්තා.මොකක් අප්පා?????එතකොට ටේගේ බබාට ඉන්නේ ඔම්මෙක් නෙමේ අප්පෙක්ද?කවුද එතකොට අප්පා?හදිස්සියෙන්වත් ඒ බබා මගේද???වෙන්න බෑ ඒක ඒත්.......එහෙමනම් ඒ මගේ බබානම්,ටේ මැනික ඔයා කොහොමද ඒවා දරාගෙන හිටියේ???මම අද මේක කොහොම හරි දැන ගන්නවා.ටිකකින් ඒ බබාව ටේගේ නංගි වඩාගෙන එලියට ගියා.ටේවත් ඇදන් අපේ ඔම්මා යනවා මම දැක්ක නිසාම ලීසගේ බබාව ජිමින්ට දීලා මම washroom එකට යනවා කියලා ඒ පස්සෙන්ම ගියා.



මට ටේ කියන ඔක්කොම වගේ ඇහුනා.






"මොකක් ඒ බබා මගේද මියානේ ටේ මියානේ මට හොද හස්බන් කෙනෙක් වෙන්න බැරි උනා.ඔයාට ඕනේ කාලෙම මම ඔයාව අත ඇරියා වගෙයි මට දැනෙන්නේ 😭"

මම එහෙම්මම ආයේ පාටි එකට දිහාවට දිව්වේ අද මේ ඇත්ත හැමෝටම කියනවා කියලා හිතාගෙ.

මම යද්දි ජෙනී මගේ බබාව නලවනවා.ඒත් මගේ චූටි පැටියා තාම ඉකිගහනවා.මම ජෙනී ගාවට ගිහින් මගේ පැටියව ඉල්ලුවත් මුලින් ජෙනී අදිමදි කලා.ඒත් මගේ පැටියටනම් එයාගේ අප්පා ගාවට එන්න ඕනේ වගේ😉.එයා ජෙනීගේ අති ඈත් වෙලා මගේ අතට ඇවිල්ලා මගේ බෙල්ල අස්සේ මූන හන්ගනෙන මගේ කොන්ඩෙත් එක්ක සෙල්ලම් කරනවා.





මම මගේ බබාව හුරුතල් කරලා ජෙනීගේ අතට දෙද්දිම මගේ හුරුතලේ අඩන්න ගත්තා.


❤️Protect (Taekook) Complete ❤️Where stories live. Discover now