chapter 12❤️

793 162 4
                                    

ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියේ හැමෝගෙම හිත් සතුටින් පිරිලා යද්දි.ඒත් අනිත් අය ඉස්සරහා කොච්චර සතුටින් හිටියත් එක්කෙනෙක් හිත ඇතුලෙන් ලොකු බයකින් ඉන්නවා කියලනම් කවුරුත් හිතන්නේ නැතුව ඇති

ඔව් ඒ ටේ.ටේට දැන් සති 3 තිස්සෙ ඉදලා එකම msg එක එනවා."I will find you even if you hide"එයා ඒ ගැන හෙව්වත් කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා.ඒත් කවුරුත් නොහිතන විදිහට මේ msg එක ජන්කුක් දැක්කා.ජන්කුක් ටේගෙන් මේ ගැන අහන්න යන හැමවෙලාවෙම මොකක් හරි වෙලා ඒක අහන්න බැරි වෙනවා.

Tae pov.

මම අද තමා ගෙදරින් එලියට බැස්ස පලවෙනි දවස.මේ මාස ගානටම කුකී මට එලියට බහින්න දුන්නෙම නෑ.ඒත් අද මම කොහොම හරි අඩලා ඉල්ල ගත්තේ දිගටම ගේ ඇතුලේ ඉද්දි එපා වෙන නිසා.මම කාර් එකත් අරගෙන පර්ක් එකකට ආවේ ටිකක් සැනසීමේ ඉන්න.

"ආශ් කුකී හියොන් මොකද අනේ මේ අයව මගේ පස්සෙන් එවන්නේ"

කුකී හියොන් මම ගැන හිතනවා කියලා දන්නවා ඒත් මට හොරෙන්නම් කිසිම දෙයක් කරන්න බෑ 😂.මගේ පස්සෙන් බොඩිගාඩ්ලා එවලා.මමත් ඉතින් දැක්කේ නෑ වගේ හිටියේ මොනා උනත් පව් කියලා හිතලමයි.ටික වෙලාවක් පුංචි ලමයි සෙල්ලන් කරනවා බලන් හිටයා.එයාලා දිහා බලන් ඉද්දිනම් එපා වෙන්නෙම නෑ. ටික වෙලාවකින් පාර්ක් එකේ එක මිනිස් පුලුටක් පේන්නේ නැතුව ගියේ මගේ හිත නොසන්සුන් කරලයි.
"මේ වෙලාවට පාර් එකේ සෙනග ඉන්නවනේ"

මම මගේ හිතින් ප්‍රශ්න කෙලේ මේ මොකක්ද උනේ කියලා බලන්න.මම නැගිටලා මගේ පස්සෙන් එව්ව ගාර්ඩ්ලා ඉන්නවද කියලා බලන්න අනිත් පැත්ත හැරෙද්දිම කවුද කෙනෙක් මගේ නහයට රෙදිකෑල්ලක් තද කරා.මම කොච්චර දැගලුවත් බැරි උනේ මගේ වටේම බොද උන නිසා.

Tae pov end

Jk pov...

"බොස් ටේහියොන් සර් නැනෙ."

"මොනවද තමුසෙලා කියන්නේ ආ ...........කියනවා මට මගේ මැනික කොහෙද??එයාට එක හීරීමක් හරි වෙලා තිබ්බොත් මම තමුන්ලව මරනවා."

"බොස් දැන් ටිකකට කලින් එයා මෙතන හිටියා .ඒත් අපේ කට්ටිය බලද්දි එයා නෑ."මොනවද මුන් මේ කියවන්නේ අනේ මගේ මැනිකට මොකක්ද වෙලා තියෙන්නේ???අශ්.................

❤️Protect (Taekook) Complete ❤️Where stories live. Discover now