Vminkook
___________________________________________________NO ONE POV
මිස්ට කිම් තේහියුන්ග්!! දැන් නැගිටින්න වෙලාව හරි!!"
"ම්ම්ම්ම් තව විනාඩි පහක් දෙන්න පැටියෝ.. මං තව චුට්ටෙන් නැගිටින්නං..."
"ඔයා පැය කාලකට කලිනුත් ඔය කතාව ඔහොම්ම කිව්වා දැන් නැගිටින්න, අපිට පරක්කු වෙනවා!!"
"හ්ම් හ්ම් තව විනාඩි පහයි.."
එහෙම කියපු තේහියුන්ග් ඇස් දෙක පියාගෙනම ඇද අයිනෙ හිටගෙන ඉදිය එයාගෙ හස්බන්ඩ්ව ඇදට ඇදල අරගෙන එයාව තුරුලු කරගත්තා.
"මොන- නැගිටින්න නිදි කුබ්ම්බෝ!!"
තේහියුන්ග් එයාගෙ හස්බන්ඩ්ගෙ ඇග උඩින් කකුලක් දාල එයාව තව ටිකක් හොදට තුරුලු කරගත්තේ එයාගෙ බෙල්ල දිගේ පුංචි පුංචි හාදු තියන ගමන්. තේහියුන්ග් තවමත් ඉදියෙ අඩ නින්දෙ.
"තාත්තෙ මං ඔයාගෙ හස්බන්ඩ් නෙමේ මං ඔයාගෙ පුතා. මගේ බෙල්ල ලෙව කන එක නවත්තනවද? ඒකෙ මල හිරිකිතයි."
ඒ කටහඩ ඇහිච්ච ගමන් තේහියුන්ග් උඩ ගිහින් ඇහැරුනා. එතකොටයි එයා දැක්කෙ, එයා එයාගෙ රෝස මලව කියල හිතලා බදාගෙන තියෙන්නෙ එයාගෙ පුතාව කියලා.
"ආ!!!!!!!!!!!!!!!!! ආ!!!!!!!!!!!!! ආ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!"
එකපාරටම යකෙක් දැක්ක වගේ කෑ ගහපු තේහියුන්ග් එයාගෙ පුතාව පයින් එකක් ගහලා ඇදෙන් බිමට තල්ලු කරල දැම්මෙ කිසිම පසුතැවීමක් කනගාටුවක් නැතුව.
"මොන පුවක් ගෙඩියක්ද තාත්තේ!! ඇයි මාව තල්ලු කරේ!!" තේජන්ග් ඇහුවෙ නැගිටලා කොන්දටත් අතක් තියාගෙන.
"ඔයා මොන එහෙකටද මාව බදා ගත්තෙ?" තේහියුන්ග් ඇහුවෙ එයාගෙ bedsheet එකෙන් පපුවත් වහගෙන. අවුරුදු 15වේ තේජන්ග් එයාගෙ තාත්තා දිහා බැලුවෙ පුදුම කලකිරීමකින්.
YOU ARE READING
It's You ♡Taekook Sinhala♡ 《Complete》
Fanfictionපුංචි සමනල පිහාටුවක් තරම්වත් හයිය නැති ඒ හිත තේහියුන්ග් රිද්දුවෙ හිතලා නෙමේ.... එයා එයාගෙ අතින් උන වැරද්ද හදා ගන්න ඕනම දෙයක් කරන්න ලෑස්තී.. මොකද ජන්කුක් කියන්නෙ තේහියුන්ගෙ ආදරේ නෙමේ.. එයාගෙ මුලු ආත්මෙම...