Flash back :

මේ අතරෙ සෙනූ තාමත් හොදටම සනීප වුනෙ නැති හින්දා කුකි ගෙදර නැවතුනා එයත් එක්ක. යොන්ගියි හොබීයි දෙන්නත් ගෙදරම හිටියා. ජින්,නම්ජූන්,ටේ,සදී,සෙහා,ශයිනි කට්ටියත් එක්ක ජිමින්ව හොයාගෙන යන්න පිටත් උනා. කාර් එක ඩ්‍රයිව් කලෙ ජින්. ජින්ට එහා පැත්තෙ සීට් එකෙ සෙහා. පිටිපස්සෙ සීට් එකෙ දකුනු පැත්තෙ ඉදන් පිලිවෙලට ශයිනි,සදී,නම්ජූන්,ටේ හතර දෙනා හිටියෙ.

යන අතරතුර :

සෙහා : " ජින්, අපි මෙහෙම ගියත් කොහොමද අපි කට්ටිය විතරක් ගිහින් ජිමින්ව උන්ගෙන් බේරගන්නෙ?"

ජින් : "🙂 මේකයි මැණික.. අපිට දැන් මේ වගෙ දේවල් හොදට පුරුදු යි නැද්ද නම්ජුනා?"

නම්ජූන් : "😄 ඒක නම් ඇත්ත හියුන්ග්."

සදී  : "මොකක්?🙄 ඒ කිව්වෙ?"

නම්ජූන් : " හරි අහගන්නකො ඒනම් 😄 හැම අවුරුද්දකම අපෙන් එක්කෙනෙක්ට හරි මේ වගෙ දෙයක් වෙනවා."

ශයිනි : "හෑහ්🙄? ඒ මොන පිස්සුවක්ද ඔප්පෙ"

ජින් : "😅 ඔව් හැබැයි. අපි මෙහෙම හිනා වෙලා හිටියට අපිට ඇති වෙන්න මරණ තර්ජන"

   ඒක අහන් ඉදලා ශයිනි හිමීට සදීට කිට්ටු වෙලා රහසින් මෙහෙම කිව්වා.

ශයිනි : "ඈහ් බන් මුන්ට ඇත්තටම පිස්සුද දන්නෑනෙ🙄. මරන තර්ජන තියෙනවා කියලා කිව්වෙත් හිනා වෙවීනෙ."

සදී : "ඒක නම් ඇත්ත බන්😅. මේ කොල්ලො ටික දකිද්දි තමා මට හිතෙන්නෙ අපි සාපේක්ෂව පරිනතයි කියලා."

ශයිනි : "අනේද කියන්නෙ බන්🤭"

ශයිනිගෙයි සදීගෙයි රහස් සාකච්චාව නතර උනෙ ජින්ගෙ ටිංකිරි වොයිස් එක ඇහෙනවත් එක්කම.

ජින් : "ශයිනි සිස් මොකක්ද ඔතන රහස් සාකච්චාවක්වත්ද🙄"

සදී : "☺️අනේ නෑ නෑ ජින් ඔප්පෙ. අපි දෙන්නා කතා වුනෙ ඔයාලා කොච්චර උත්සාහවන්තද නිර්භීත ද කියලා. "

නම්ජූන් : " නැතුව ඉතින් අපි එහෙම තමා 😏. බය කියලා එකක් ගෑවිලාවත් නෑ නැද්ද ජින්."

  නම්ජූන් එහෙම කියලා තත්පරයක් යන්න වුනෙ නෑ කාර් එක පිටිපස්සෙ තිබ්බ රෙද්දක් ඔලුවෙ පෙරවගෙන ටේ නම්ජූන්ගෙ ඇගට පැන්නා.😅

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now