chapter 15

125 35 2
                                    

Dream girl
15කොටස

       "ආ...හ් ශිට්"

      " ඇයි මොකො?"

      " ඇයි අප්පා මේකේ අයිතිකාරයාට කිසි ගානක් නෑනෙ දැන් කොයි වෙලාවෙ ඉදන්ද අපි මෙතන"

      "මට පේන්නෙ මුන් ශොප් එක වහලා ගිහින්."

      "අනේ ඇත්තටම අපේ උන්ට මොනා උනාද කියලා නෑනෙ. ඇයි යකො අපි නෑ කියලා මුන්ට ගානක්වත් නෑනෙ😒"

      "හ්ම්ම්.. ඒකනම් ප්‍රශ්නයක් තමා"

       කෝම හරි ඉතින් ඔන්න ජිමින් හශී දෙන්නා තාවකාලිකව සාම ගිවිසුමකට එලබුනා. දැන් පැය තුනකටත් වැඩී දෙන්නත් එක්ක ලිෆ්ට් එකේ හිරවෙලා.

        " අනේ මට මෙතන ඉන්න බෑ අප්පා..😖 මේ ටෝච් කෑල්ලෙ බැට්‍රිත් බහිනවා."

       " මරු හැබැයි"

      " මෙ.. යනවා යන්න..මෝඩ තාරාවා.. තමුසෙ නිසා තමයි මේ ඔක්කොම.😑"

      "කරන්ට් ගියපු එකට මං මොනවා කරන්නද ඉබ්බියේ."

     " මෝඩයා.. මට සීතලත් එක්ක ශිට්😩 හ....හ්..චුන්..හ්🥶"

      ඒත් එක්කම ජිමින් එයා ඇදගෙන හිටපු කෝට් එක ගලවලා හශීට පෙරෙව්වා. ජිමින්ගෙ කර වටේ තිබ්බ ස්කාෆ් එකත් හශීගෙ කර වටේ දැම්මා.

      "අහ්..මේක මොකටද?? මට එපා ඔයා තියා ගන්න.."

      "ශ්..... මුකුත් කියන්න එපා හරිද"  ජිමින් එහෙම කියලා ආයෙත් ජිමින්ගෙ දබර ඇගිල්ලෙන් හශීගෙ කට වැහුවා.

     " ඇයි..ඇයි..ආහ් ඔයා මොනවා කරන්නද?"

     "කරන්නෙද😏 ඔහොම ඉන්න්වකො ටිකක් ඒනම්"

     "ආ. හ් නෑ හරි හරී.. මට මෙහෙම හොදයි.. තමුසෙ..ඔය පැත්තකට වෙලා ඉන්න්වා හරිද😑"

       හශීට එහෙම්ම නින්ද ගියා. ජිමින් ටිකක් වෙලා ඒ දිහා වශී වෙලා වගේ බලන් හිටියා.

Jimin's pov:

        මට කෙල්ලෝ කියන්නෙ හරියට සෙල්ලම් බඩු වගේ. එක්කෙනෙක් එපා උනාම තව කෙනෙක් 😏. මගෙ ජීවිතෙ මම පලවෙනි පාරට කෙල්ලෙක්ට ආදරෙ කලා ඒ මං හයි ස්කූල් ගියපු කාලෙ. ඒත් ඒකි මාව දාලා වෙන එකෙක් එක්ක ගියා.එදායින් පස්සෙ මං ආදරෙ කියන වචනෙට පවා වෛර කලා😠. හැම දේම බොරුවක් ඔක්කොම කෙල්ලො මහා බොරු කාරියෝ කියලා මං හිතන්න පටන් ගත්තා.මුලදි මට හැමදේම එපා වෙලා තිබ්බෙ. ඒත් මගේ ටීම් එකේ මගෙ සහෝදරයො ටික එකතු වෙලා මගේ හිත හැදුවා. ජින් හියුන්ග් එයා නැත්තං තවමත් මං මටම වෛර කරනවා.😣.  හියුන්ග් මට ඔම්මා කෙනෙක් වගේ හැම දෙයක් ගැනම කියලා දීලා මගෙ හිත හැදුවෙ.  කාලෙත් එක්ක මං හැම දේම අමතක කරලා නිතරම ෆන් එකේ ඉන්න පටන් ගත්තා. මගේ ඔම්මා, අප්පා, මගේ බාල හියුන්ග් ඒ වගේම මගෙ බැන්ග්ටෑන් ෆැමිලි එක තමා මගෙ ජීවිතේ.  ඒත් මට තේරෙන්නෑ එකම එක කෙල්ලෙක් නිසා මට මහ අමුත්තක් දැනෙන්න පටන් ගත්තා. එයා srilankan singer කෙනෙක්. ඇත්තටම කිව්වොත් එයාගෙ මහ ලොකු ලස්සනක් නෑ.   අදින්නෙත් කොල්ලෙක් වගේ. හැබැයි මූනනම් හරි කියුට්☺️. බෝනික්කියෙක් වගේ. මම එයාව මුලින්ම දැක්කෙ ටීවී ප්‍රෝග්‍රෑම් එකකින්. ඒත් අන්තිමේ එයා අපිත් එක්ක සෝන්ග් එකක් කරන්න ආවා. ඇත්තටම කිව්වොත් හශී කියන්නෙ මහ පිස්සු කෙල්ලෙක්😅. එයා මාරම ෆන්. මට වගේම භූමි දෝසයක් එයාටත් තියෙනවා😅.  තනිකරම පිස්සු කෝච්චියක් එයා නම්. පිස්සි මට මගේ නින්ද පවා නැති කරනවා ඔයා🥺. මම හිතන්නෙ හශී මුලින්ම ආපු දවසෙ ඉදන්ම මගෙ හිතෙ එයා ගැන කැමැත්තක් තිබුනා.ඒත් එයා ජින් හියුන්ග් ට කැමතියි කියලා හිතුන නිසා මම පැත්තකට වෙලා හිටියා.  මොනවා උනත් කාලය යනකොට එයා ජින් හියුන් ට ලං වෙනවා වගේ තේරෙනකොට මට දැනුනෙ මාව පිච්චෙනවා වගේ. ඒත් ජින් හියොනුයි සෙහායි අතරෙ affair එකක් තියෙනවා කියලා දැන ගත්තම නම් මට හෙන කුරිරු සතුටක් දැනුනා😏😁.  ඒත් මට හශී ගැන පොඩි දුකකුත් හිබ්බා. මොකද එයාටත් උනේ මට හයි ස්කූල් එකේදි උනා වගේ දෙයක් නිසා. මං හිතන්නෙ හශී බීලා නටපු පිස්සුවෙන් පස්සෙ ඉදන් තමයි මම.... හශීට පිස්සුවෙන් වගේ..... ආදරෙ  කරන්න පටන් ගත්තෙ🥺. ඕ..හ් ගෝඩ් මට තේරෙන්නෑ මට මොකක් උනාද කියලා මෙච්චර කාලයක් හැම කෙල්ලෙක්ටම වෛර කරපු මම මේ එකම එක කෙල්ලෙක්ට ආදරෙ කරන්න පටන් අරන් 🥺😳❤️.  අනේ.. ඇයි මැණික ඔයා මට මෙච්චරට අකැමැති 🥺. මට තේරෙන්නෑ මේ කෙල්ල ගැනනම්. පුදුම ආඩම්බරකමක් තියෙන්නෙ. ඒකත් මේ අහිංසක මටනෙ. හා....හ් ඒ පිස්සු කෙල්ල මේ මාවත් පිස්සෙක් කලා..🤪 හා....හ් මං දැන් පිස්සෙක්.🙂

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Dove le storie prendono vita. Scoprilo ora