♡ කඩවසම් ඇල්ෆා...

Start from the beginning
                                    

යන අතරේ හොබී ට දැනුනේ හද එළිය බිමට වැටිලා ගස් වල කොළ අතු හෙවනැලි හදල තියනව.. ඒ එක්කම හොබී ට බැලුනේ අහස දිහා.. ලොකුවට හද නැතත් තියන කොටසින් වුණත් ලොකු එළියක් තිබුණා.. ඒ අතරේ පැත්තෙන් යන යුන්ගි ට පෙනුනේ හොබී ගෙ කොළ ඇස්..

• . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . •

පහුවදා උදේ හොබී ගිහින් ඉස්සරහ දොර ඇරියේ නිදිමත ගතිය එක්කමයි.. මේ දවස්වල වැඩ රාජකාරි එක්කන් උදේ අවදි වෙන එකයි රෝහලට යන එකයි නම් එපා කරපු වැඩක් වගේ හොබී ට තේරුනේ.. ඇරත් ඇගට දැනෙන අපහසුව..

දොරකඩ අයිනේ තිබිලා හොබී ගෙ ඇහැ ගැටුණේ පිහාටුවක්.. ඒ වගේ පිහාටු හොබී දැකල තියෙන්නෙ එකම එක්කෙනෙක් ළඟ විතරයි..

සේ-ජින්..?

හොබී ට හදිසියේ දැනුනෙ පුදුමාකාර සතුටක්.. හරියට කාලෙකට පස්සෙ බලාපොරොත්තු වුණු දෙයක් ලැබුණා වගේ.. හොබී ඇදගෙන හිටිය දුහුල් නිදන ඇදුම ගැනවත් නොතකා එළියට අඩියක් තිබ්බේ පිහාටුව ඇහිඳ ගන්න..

පිහාටුව පපුවට තුරුලු කරගත්ත හොබී ඉක්මනින් වටේ පිටේ බැලුවේ තමන් ඉදීවි කියලා බලාපොරොත්තු වුණු කෙනා ඉන්නවද කියලා සේ-ජින් ගෙ කැමතිම කිනිසි කොපුව අග පිහාටු තිබුණු සැරසිල්ලක් එල්ලලා තිබුණා.. හොබී ට හොඳටම විශ්වාසයි මේ පිහාටුව සේ-ජින් ගෙ බව..

කොච්චර හංගන් ඉන්න උත්සාහ කරත් හොබී තමන්ගේ හිත පලවෙනි වතාවට හොරා ගත්ත ඇල්ෆා ගැන නොහිතා ඉන්න බැරි වුණා.. ඒක ටිකක් වෙනස් බැදීමක්.. යාළු කමට එහා ගිය ආදරේට මෙහායින් නැවතුණු එකක්..

මොන දෙයක් වුණත් යුන්ගි හොබී ගෙ හිතේ ඉන්න තැනට තව කෙනෙක් එකතු කරගන්න හොබී කැමති වුණේ නෑ.. ඒ තැන හිටියේ යුන්ගි ම විතරයි.. හැමදාටම ඒක එහෙමයි.. යුන්ගි ව තව කෙනෙක් එක්ක සසදලා බලන්න හොබී ආයේ උත්සාහ නොකරන්න හිතා ගත්තා..

සමහර බැදීම් තියනවා බැලූ බැල්මට හරිම බොළඳ වුණත් ඇතුලාන්තය හුඟක් සංකිර්ණ.. හොබී ගෙ හිතේ ඒ වගේ බැඳිම් තිබුණේ දෙකයි.. එකක් යුන්ගි අනෙක සේ-ජින්..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now