♡ හදිස්සිය...

Start from the beginning
                                    

ඔමේගා කෙනෙක් වුණත් ජින් කරන වැඩ කොටස එක්ක වෙන කෙනෙක්ට හැරෙන්නවත් බෑ කියලා හැමෝම වගේ හිතුවේ.. අඩුම තරමේ ඇල්ෆා කෙනෙක්ට වත්..

ජිමී ලා දැන් වෛද්‍යවරු වුණත් උදේ වරුවේ හොඳහැටි පේන්න ඇඳ පැලඳගෙන පොඩ්ඩක් කලින් ඉගෙනගත්ත පැත්තේ වටයක් දාලා එන්න යන්න හිතාගෙන ගිහින් අනිත් අයට කතා කරා.. යුන්ගි ටයි කුක් ටයි ජින් එක්ක වැඩ වලට උදවු වෙන්න නවතින්න වුණු නිසා හොබී,ටේ ජිමී එක්ක යන්න ආවා..

එයාල ඒ කාලේ හිටියා වගේම සුදු නිල ඇදුම් ඇදලා හුඟක් අය පාඩම් වැඩ වලට අවධානය දීගෙන ඉන්නව ඈත තියා හැමොටම පෙනුනා.. ඒ අතරේ වැඩක් කරන අයට කරදර කරන එහෙ මෙහෙ දුවන සෙල්ලක්කාර ඇල්ෆලා ඔමේගලා ත‍් නොහිටියා නෙමේ..

වෛද්‍යවරු ඉගෙන ගන්න තැනට නුදුරු තවත් තැනක හෙදියන් පුහුණු වෙන තැන තිබුණ.. හුගාක් වෙලාවට ඔමේගලා තමයි එහෙම පුහුණු වුණේ.. බීටලා කීපදෙනකුත‍් ඒ අතරේ හිටියා.. උදේ පාන්දර වුණත් හැමෝම වගේ පාඩම් වැඩ වලට අවධානය දීගෙන හිටියේ උනන්දුවෙන්..

' ජින් හියුන්ග් ගෙ කියවිල්ල නිසා වෙන්නැති නේද මෙච්චර උනන්දු වෙලා වැඩ කරන්නෙ හැමෝම..'

ටේ කතා කරා..

' එහෙම බලද්දී අපි විතරයි ජින් හියුන්ග් ට මුල ඉඳන් බය වෙලා ඉඳලා නැත්තේ..'

' අපොයි මොකට කියනවද..? එයාට බය හිතෙනවද අනේ.. කරන කියන වැඩ අපිනෙ දන්නෙ..'

' ජින් හියුන්ග් ට වඩා මම අපේ යුන්ගි හියුන්ග් ට බයයි.. අන්න යුන්ගි හියුන්ග් ට නම් ගැලපෙනව ඔය වැඩේ..'

' යුන්ගි හියුන්ග් කොහොමත් ටිකක් නපුරු පෙනුමයිනේ.. '

ජිමී හොබී ගෙ අතේ එල්ලිලා කියව කියව ඉස්සරහට ගියා..

' මුල් දවස්වල කවුරුත් ඔහොම තමයි නැද්ද..? '

එයාල ඉස්සරහට යද්දී කවුරුහරි කලබලෙන් ඇවිත් ටේ ගෙ ඇඟේ වැදිලා අතේ තිබුණු සටහන් කීපයක් බිම වැටුණා..

'  අනේ.. සමාවෙන්න ඇල්ෆා සමාවෙන්න .. මම දැක්කෙ නෑ.. '

බයෙන් කීප පාරක් ඔලුව නවලා ටේ ගෙන් සමාව ගත්තෙ තරුණ ලස්සන ඔමේගා කෙනෙක්.. කොන්ඩෙ හුඟක් දිග, තියුණු ඇස් තියන ඔමේගා ඇගට නොගැලපෙන ලොකුම ලොකු හැන්බොක් නිල ඇදුමක් ඇදගෙන හිටියා..

RED JASPER | SOPE | COMPLETEDWhere stories live. Discover now