♡ ටේ ගෙ අනාවැකි...

Start bij het begin
                                    

එකපාරටම යුන්ගි ට මතක් වුණේ වෙන කාරණාවක්.. ඒ එක්කම යුන්ගි ගෙ ඇස් දිව්වේ හොබීගෙ උදරය දිහාට..

යුන්ගි තරමක් අවුල් වුණේ නෑ කියන්න බෑ.. අවුල් වුණු තරමට දාඩියත‍් දාලා.. ඕනම කෙනෙක් ඒ වගේ වෙලාවක එහෙම වෙන්න පුළුවන් නෙ..

' ඔහ්.. ලූනා.!'

යුන්ගි වෙව්ලන අත් වලින් හොබී ගෙ උදරය පරික්ෂා කරේ.. ඒත් බලාපොරොත්තු වුණ කිසිම ලක්ෂණයක් දැනුනෙත‍් නෑ, පේන්න තිබ්බෙත් නෑ..

• . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . •

හොබී ට ආයේ ඇහැ ඇරෙන කොට හුඟක් දවල් වෙලා වැස්සත් පායලා තිබුණා.. පුරුදු කාමරේ නැතුව වෙන කාමරේක‍ ඉන්න බවත්, ගෙදර තව කට්ටියක් ඉන්න බවත්, ඔලුවට බෙහෙත් තියලා තියෙන බවත් හොබී ට තේරුණා..

ඒ එක්කම දොර ඇරගෙන ඇතුලට ආවේ ජුන් හියුන්ග්..

' හොබී.. අවදි වුණාද..? තවම ඇගට අමාරුද..?'

නම්-ජුන් හොබී ලඟින් ඉඳගන්න ගමන් කතා කරද්දී හොබී නෑ කියන්න වගේ හිනා වුණා.. ජුන් කතාකරන සද්දෙ එකක් ජින් දුවගෙන කාමරේ ඇතුලට ආවේ බයෙන්..

' අනේ මගේ දරුවෝ.. මොකද වුණේ.. තවම අමාරුද.. කොහෙද රිදෙන්නෙ..කෑම කමු නේද... බලන්න හොඳටම සුදුමැලි වෙලා.. '

කවදත් සහෝදරයෝ ගැන වද වෙන ජින් කලබලෙන් කිව්වා..

' ආයිගෝ නෑ හියුන්ග්.. දැන් මම හොඳින්..'

' එකනේ මම බය වුණා හොඳටම.. මේ ටිකේ කෑම කාල නෑ හරිහැටි.. ඒකයි ඔය.. ඔලුවේ කැක්කුම වැඩි නිසා තමයි වමනෙ කරලා තියෙන්නේ.. වෙන අසනීප මොකුත් නෑ දරුවෝ.. කිව්වට අහන්නෙ නෑ නේ පරිස්සම් වෙන්න කියලා..'

' ම්ම්.. හියුන්ග් කෝ යුන්ගි..? '

යුන්ගි ගැන කිව්ව විතරයි ජින් ට මහා හයියෙන් හිනා ගියා..

' ඔයාගෙ යුන්ගි ගැනද අහන්නෙ.. අන්න ජිමී ලා එක්ක ඉන්නව.. '

' ඇයි හියුන්ග් හිනා වෙන්නෙ..? '

' ඔයාගෙ ඇල්ෆා අප්පා කෙනෙක් වෙන්න ගිහින් උදේ.. ඒක මතක් වෙලා හිනා ගියේ..'

RED JASPER | SOPE | COMPLETEDWaar verhalen tot leven komen. Ontdek het nu